මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ගර්භණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සදහම් වැඩසටහන් පෙළේ දෙවන අදියර

මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් හා එකතුව "පින්වන්ත දරුවන් ලබන්නට නම්" යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත‍්‍රික්කයේ සංවිධානය කර තිබේ. මාතර දිස්ත‍්‍රික්කයේ වාර්ෂිකව 12000 කට අධික ගර්භණී මව්වරුන් පිරිසක් සිටින අතර එම මව්වරුන්ගේ අධ්‍යාත්මය ගුණදහමින් පෝෂණය කිරීමත් කුස තුළ සිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබා දීමත් මහා බල ඇති මහා තෙද ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත සීලානුභාව බලයෙන් මව්වරුන්ට සෙත්පතා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබා දීමත් යන මූලික අරමුණ සහිතව මෙම වැඩසටහන් පෙළ ක‍්‍රියාත්මක වෙයි.

February 25th, 2018|Comments Off on ගර්භණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සදහම් වැඩසටහන් පෙළේ දෙවන අදියර

යොවුන් දහම් සක්මන – 2018

යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් තෙවැනි වරටත් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව නිමාවට පත්විය. අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්වින්විත වූ මෙම වැඩසටහන සඳහා යොවුන් දූදරුවන් 5000කට අධික පිරිසක් සහභාගි විය.

February 15th, 2018|2 Comments

බිබිල අසපුවේ සිරි ගෞතම බෝධි රෝපණය

බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ගෞතම බෝධි මණ්ඩපයෙහි, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම හා නව කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කමක් පසුගිය ජනවාරි මස 27 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

February 2nd, 2018|2 Comments

වැලිගම නගර ශාලාවේදී ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන

මාතර දිස්ත්‍රික්කය පුරාවට වසරකට ගැබිණි මව්වරුන් 12000කට අධික ප්‍රමාණයක් පින්වන්ත දරුවන් දැයට දායාද කරන අතර මේ පින්වන්ත දරුවන් හට මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලබාදීම පිණිස මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සහ යොවුන් සභාවේ දරුවන්ගේ සංවිධානයෙන් සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගැබිණි මව්වරුන් උදෙසා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයෙන් මාතර, වැලිගම, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශ වල සීල භාවනා වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිත අතර ඉන් පළමු වැඩසටහන පසුගිය ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට හැකි විය.

January 21st, 2018|Comments Off on වැලිගම නගර ශාලාවේදී ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන

6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව

ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.

January 11th, 2018|1 Comment

වැලිකඩ බන්ධනාගාරයේ සීල භාවනා වැඩසටහන

වැලිකඩ බන්ධනාගාරයේ නොයෙක් අයුරින් දඬුවම් විඳිමින් සිටින, වැරදි කළවුන් හට වළාකුලින් මිඳුනු පුන් සඳක් සේ තම ජීවිතය අලෝකමත් කරගැනීමට උපකාර පිණිස ඒ සිරකරුවන් ගේ ජීවිත වලට උතුම් ශ්‍රී සද්ධර්මය සමීප කරන්නට මහමෙව්නාව භාවනා අසපුව මගින් ක්‍රියාත්මක වන තාවතිංස යාත්‍රා සංවිධානය ගත් වෑයමක් ගැනයි මේ පුණ්‍ය සටහන. ‍මේ යටතේ 2017 දෙසැම්බර් මස 31 වැනි දින උදෑසන පටන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අපගේ කල්‍යාණමිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිරකරුවන් උදෙසා උතුම් ධර්මය පහදා දෙමින් සීල භාවනා වැඩසටහන සිදු කෙරුනා. සිරකරුවන් 1000 ක පමණ පිරිසක් එදින උපෝසථ අට්ඨාංග සීලයේ සමාදන් ව වැරදි වලින් අත්මිදී ජීවිත සුවපත් කරගැනීමට උපකාර වන ධර්මය ශ්‍රවණය කරමින්, භාවනාවේ යෙදෙමින්, තම ජීවිත වලට බොහෝ පින් රැස්කර ගන්නට යෙදුනා.

January 2nd, 2018|Comments Off on වැලිකඩ බන්ධනාගාරයේ සීල භාවනා වැඩසටහන

නව ව්‍යවහාර වර්ෂයට සෙත් පතා ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ පින්කමක්

උදා වූ නව ව්‍යවහාරික වර්ෂයට සෙත්පතා ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් ඊයේ දිනයේදී (2017-12-31) ආශීර්වාදාත්මක බෝධි වන්දනාවක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන ලදී. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම අසිරිමත් පින්කමේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවක් ද පවත්වන ලදී. එම ධර්ම දේශනාවේදී උන්වහන්සේ විසින් ඉස්මතු කොට පෙන්වන ලද්දේ උදාවන නව ව්‍යවහාර වර්ෂයේදී ධර්මයේ නාමයෙන් පවසන අධර්මයන්ට මුළා නොවී නුවණින් යුක්තව කටයුතු කොට තමන්ගේ තිසරණය ආරක්ෂා කොටගෙන තිසරණ සරණ තුළ පිහිටා සිටීමට වීරිය ගත යුතු බවයි. එමෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භයේ පටන් මෙම පස් අවුරුදු කාලය තුළ ශ්‍රද්ධා වාර්ෂික ධර්මදාන දායකත්වය දරමින් මෙම සුවිශාල ධර්ම ප්‍රචාරක සේවාවට ආධාර උපකාර කරන සියලු පින්වතුන්ට ආශීර්වාද කොට පින් අනුමෝදන් කරන ලද අතර විශේෂ පුණ්‍යාවර්ජනා වීඩියෝ පටයක් ද විකාශය කරන ලද්දේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් මෙතෙක් සිදුකළ ධර්ම ප්‍රචාරක සේවාව සහ සමාජ සත්කාර සේවාවන් සියලු දෙනාට සතුටින් අනුමෝදන් වීම පිණිස ය.

January 1st, 2018|Comments Off on නව ව්‍යවහාර වර්ෂයට සෙත් පතා ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ පින්කමක්

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

“උත්තර.... සංසාරේ සැරිසරා යන්ට වීම නිසා ම යි මේ හැම දෙයක් ම වෙන්නේ. උත්තර, මේ ඔබේ පෙර ආත්මයක සිදුවූ වරදක විපාකයක්. කලින් ආත්මෙක මිනිස් උපතක් ලබා ඉන්නැද්දී කුඩා අවදියේ ළමයි සමග සෙල්ලම් කළා. එතකොට ඔබ මැස්සෙක් අල්ලාගෙන ‘මේ බලාපං මං මේකාට අච්චු දෙනවා’ කියා කොහොඹ කූරක මැස්සව උල ඉන්දුවා.

December 31st, 2017|Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. විස්මිත දෙයක්. පිනකට කරන්න පුළුවන් යහපත අප්‍රමාණයි. සසර පුරාවට සෙවණැල්ලක් මෙන් තමා පස්සෙන් එන්න මේ පිනට පුළුවන්. බොහෝ පින් කොට පින් බලයෙන්ම ශ්‍රේෂ්ඨ වුණු උතුම් සඟරුවනක් ගැනයි දැන් ඔබ දැනගන්නේ. උන්වහන්සේගේ නම මහා කප්පින.

December 29th, 2017|Comments Off on 6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

එතකොට පුතේ ඒ දෙවිවරු තුන්දෙනා මූණට මූණ බලාගත්තා. තුන්දෙනාට ම තමුන්නේ පූරුවෙ ආත්මේ මතක් වුනා. තමන්ගෙන් බණ ඇසූ ගෝපිකාවෝ දැන් පිරිමි ආත්මයකුත් ලබලා, සක්දෙවිඳුගේ පුත් තනතුරේත් ඉපදිලා, සෝවාන් ඵලයටත් පත්වෙලා, දෙව්ලොව කාමයටත් නොඇලී ධර්මය ම මෙනෙහි කරනවා.

December 27th, 2017|Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16
Go to Top