මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

කිරිමුත්තා කිව්වා මෙසේ….

තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.

August 21st, 2017|2 Comments

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13

‘අනේ මයෙ කුසේ ඉන්න දරුවාගේ පිනක් ඇත්නං නිධානේ ළඟට වඩින්ට’ කිව්වා විතරයි නිධානය පෙරලි පෙරලී ඇවිත් ඒ අම්මාගේ පාමුල නැවතුනා. එතකොට අම්මා කලින් කාන්තාවට වෙච්චි දේ දන්නා නිසා අතින් අල්ලන්ට ගියේ නෑ. “අනේ නිධානේ, තමන්ට සුදුසු තැනකට ගොහින් නවතින්ට” කියලා කිව්වා.

August 18th, 2017|Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13

6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

යහපත පිණිස අවවාද කරන අයට කැමති වෙන්න. එම අවවාදවලටත් කැමති වෙන්න. නිදහස කියන නාමයෙන් හිතුවක්කාර වෙච්ච සත්තු වගේ හැදෙන්න හොඳ නෑ. සතෙක් වුණත් වටින්නේ හික්මුණු තරමටයි. එහෙම නැත්නම් ඒ සතාගෙවත් වටිනාකමක් නෑ. ඒ නිසා අවවාදයට හික්මෙන කෙනෙක් වෙන්න.

August 9th, 2017|Comments Off on 6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

“අනේ මිත්‍රයා... මගේ අතේ වෙන සල්ලි නෑ. කහවණු දොළහ ම යි තියෙන්නේ. ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක් මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.”

August 7th, 2017|2 Comments

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14

අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති. නමුත් ඒ මිනිහා මට මේ කොරලා තියෙන්නේ මහා උපකාරයක් ම යි!

August 2nd, 2017|1 Comment

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!

August 2nd, 2017|1 Comment

අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුනා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුනා.

July 29th, 2017|Comments Off on අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

July 19th, 2017|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

Life of the Buddha_Sinhala Dubbed 2D Movie

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.

July 10th, 2017|Comments Off on Life of the Buddha_Sinhala Dubbed 2D Movie

බියකරුය මේ සසර 3D චිත්‍රපටය – පොල්ගහවෙල ප්‍රදර්ශනය

බියකරුය මේ සසර ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය මේ දිනවල පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ නොමිලේ ප්‍රදර්ශනය කරනු ලබනවා. මේ වන විටත් බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය නරඹා අවසන්. මෙම මස 26 වනදා දක්වා මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. බියකරු [...]

June 21st, 2017|4 Comments
Go to Top