මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක් ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්ථාවක් බවයි.

October 28th, 2016|Comments Off on මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

017. මාලුත ජාතකය

“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා."

October 27th, 2016|1 Comment

අමාවැස්ස සදහම් වැඩසටහන – දකුණු කොරියාව

දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.

October 22nd, 2016|2 Comments

5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

නෑදෑයන්ගෙන් වෙන් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා, ක්‍රම ක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සැවැත් නුවර සිට යොදුන් දෙසීයක් දුර වනාන්තරයකයි නැවතුණේ. එතකොට පොඩිනමට තවත් නමක් පට බැඳුණා. ඒ තමයි ‘වනවාසික තිස්ස’ යන නම. දායක පිරිස් පොඩිනමට හරි ආදරෙයි. හැබැයි කවුරු වැන්දත්, කවුරු උපස්ථාන කළත්, පොඩිනම සෙත් පතන්නේ වචන දෙකකින්. ‘සුවපත් වේවා! දුකින් මිදේවා!’ කියල විතරයි.

October 21st, 2016|2 Comments

016. තිපල්ලත්ථමිග ජාතකය

ඉතින් ඒ මුව පැටියත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පොළොව පහුරු ගැහැව්වා. එක පැත්තකට පා සතරම දමාගත්තා. දිව ඉදිරියට නෙරා ගත්තා. මල මූත්‍රා පහකරගත්තා. හුස්ම ඉහලට අරගෙන තදකොට බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත් මලමූත්‍රාත් වැගිරුන නිසා නිල මැස්සන් පිරුනා. කපුටොත් ටික ටික වට වෙවී හිටියා.

October 15th, 2016|1 Comment

5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සළකනවාට විතරයි කැමැති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සළකනවාට කැමැති නෑ. ඊර්ෂ්‍යයයි. එතකොට දායකයින්ට බනිනවා. බුද්ධ කාලයේත් එවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කථාවෙන් සඳහන් වෙන්නේ.

October 1st, 2016|Comments Off on 5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 සැප්තැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 25ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

September 29th, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 සැප්තැම්බර්

පිරිසිදු පානීය ජලය ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතිය…

නොකල් හිරු රැසින් දා ගිය මිහිතලය මත ජල බිඳක් හෝ සොයාගත නො හැකිව දැඩි නියඟයෙන් අසරණව හුන් අපේ ම සහෝදර ජනතාවට ජීවිතය දන් දීමට අපට හැකිවිය. පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවේ

September 27th, 2016|4 Comments

015. ඛරාදිය ජාතකය

වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.

September 24th, 2016|Comments Off on 015. ඛරාදිය ජාතකය

දකුණු කොරියාවේ සදහම් වැඩසටහන

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, දකුණු කොරියාවට වැඩම වීමෙන්, 2016 ඔක්තොම්බර් මස 16 වන දින අසිරිමත් සඳහම් වැඩසටහනක් පවත්වනු ලැබේ.

September 19th, 2016|1 Comment
Go to Top