මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

නිකිණි පුන් පොහොය

දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස.....

August 14th, 2016|Comments Off on නිකිණි පුන් පොහොය

014. වාතමිග ජාතකය

ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!

August 13th, 2016|Comments Off on 014. වාතමිග ජාතකය

5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.

August 10th, 2016|Comments Off on 5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

“දේවයන් වහන්ස, මේ ලෝකයේ දුකකට, භයකට, විපතකට අන්තරායකට පත් සත්වයන්ට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හැර, ධර්මය සරණ යෑම හැර, ආර්ය සංඝයා සරණ යෑම හැර වෙන කිසි පිහිටක් නෑ. මං බේරුනේ මගේ හාස්කොමකට නොවෙයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ඇති හාස්කම නිසයි.

July 28th, 2016|Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 ජූලි

  මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 30ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන ගරු [...]

July 25th, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 ජූලි

ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ වැඩසටහනක්…

විමාන වත්ථු කථා මාලාව සහ ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය… සම්බුදු සසුනේ අගසව් තනතුරු දරමින් ඉර්ධි බලයෙන් තථාගතයන් වහන්සේට පමණක් දෙවැනි වූ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සදෙව් ලොව සැරිසරා දිව්‍ය සැප ලද්දවුන් සමඟ කතා බස් [...]

July 17th, 2016|3 Comments

පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සිවුවැනි අදියර

කාලාන්තරයක් තිස්සේ රජරට ගොවිබිම් අස්වද්දන්නට භාවිත කළ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය භූගත ජලයට එක් වී ඇති අතර එම විෂ මිශ්‍ර ජලය පරිභෝජනය කිරීම නිසා රුදුරු වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටින එම ප්‍රදේශවල වෙසෙන දහසකුත් ජනතාව [...]

July 12th, 2016|4 Comments

මහනාහිමිපාණන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක්

මේ දිනවල ගිලන්ව වැඩ සිටින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක ධුරන්ධර, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යායන් වහන්සේ වන අතිපූජනීය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහානාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව, දීර්ඝායු ශ්‍රී [...]

July 8th, 2016|Comments Off on මහනාහිමිපාණන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක්

5-11. ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව

පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.

July 7th, 2016|3 Comments

තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.

June 23rd, 2016|3 Comments
Go to Top