මේ දිනවල ගිලන්ව වැඩ සිටින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක ධුරන්ධර, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යායන් වහන්සේ වන අතිපූජනීය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහානාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව, දීර්ඝායු ශ්‍රී සම්පත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් පසුගිය 6 වෙනි දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී සිදු කරන්නට යෙදුනා.

උතුම් බුද්ධානුභාවයෙන් ද, උතුම් ධම්මානුභාවයෙන් ද, උතුම් සංඝානුභාවයෙන් ද, දෙවියන්ගේ දේවානුභාවයෙන් ද, අප විසින් රැස් කරන ලද පුණ්‍යානුභාවයෙන් ද අපගේ පින්වත් මහෝපාධ්‍යාය මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, චිර ජීවිනය සැලසේවා! බොහෝ කාලයක් ගෞතම බුදු සසුන බබුළුවන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා!