මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 1

එතකොට දරුවනේ, දුටුගැමුණු මහ රජ්ජුරුවෝ රුවන්මැලි මහසෑය දෙස බලාගෙන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සිහිකොට භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමින් ඒ හාන්සි වූ ඉරියව්වෙන්ම වන්දනා කරගෙන හිටියා. ටිකෙන් ටික දෑස් පියවුනා. මියගියා. නිදා පිබිදියා වගේ තුසිතභවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඕපපාතිකව උපන්නා. මහා අලංකාර දිව්‍ය රාජයෙක්. ගැල් හැටක් පුරවන්න පුළුවන් තරමේ ආභරණ පැළඳ සිටියා. මහජනයා සාදුකාර දුන්නා. ඒ හැමෝට ම පේනවා. එතකොට ඒ දේවතාවා හැමෝටම පෙනෙන්ට මහාසෑය තුන් විටක් පැදකුණු කළා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා. තම මල්ලී වන තිස්ස කුමාරයාත් මහජනයාත් වන්දනා කරගෙන සතුටු කඳුළු වගුරුවමින් බලා සිටිද්දී අපේ දුටුගැමුණු දිව්‍ය පුත්‍රයාව දිව්‍ය සේනාව පිරිවරාගත්තා. එතැන ම නොපෙනී ගියා.

March 29th, 2016|5 Comments

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 මාර්තු

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]

March 25th, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 මාර්තු

ලෝකයෙහි මැනැවින් දෙසූ දහම

ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩවාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආජීවකශ්‍රාවක වූ එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආජීවශ්‍රාවක වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්ද [...]

March 23rd, 2016|Comments Off on ලෝකයෙහි මැනැවින් දෙසූ දහම

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර

වසර 2200කට පෙර සේරුවිල මංගල මහා සෑ රජුන් සමීපයෙහි ඉදි වූ (සේරුවිල මංගල මහා සෑ රජුන් ඉදිවීමට පෙර) රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑ [...]

March 21st, 2016|Comments Off on සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර

අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ නමෝ බුද්ධාය! අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී [...]

March 14th, 2016|Comments Off on අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

5-10. උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව

“කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත [...]

March 10th, 2016|5 Comments

ශ්‍රී වර්ධන බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීම

මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද පරිවාර බෝධීන් වහන්සේලා සතර නමකගෙන් යුත් ශ්‍රී වර්ධන බෝධි මණ්ඩපය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 2016-02-22 වන නවම් පුන් පොහෝ දින [...]

February 25th, 2016|4 Comments

010. සුඛවිහාරී ජාතකය

“භවත් තාපසවරුනි,.... මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්”

February 23rd, 2016|1 Comment

009. මඛාදේව ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.

February 22nd, 2016|Comments Off on 009. මඛාදේව ජාතකය
Go to Top