අපගේ ගෞතම සම්බුදු රජුන්ගේ උතුම් ධාතූන් වහන්සේලා ද උතුම් මහරහතන් වහනසේලාගේ උතුම් ධාතූන් වහන්සේලාද වැඩසිටින්නාවූ සිරි ඝටීකාර මහා සෑ රජුන් සොඳුරු මලින් සරසමින්, පහන් ආලෝක සුවඳ දුම් ආදී නොයෙකුත් පූජාවන්ගෙන් පුද දෙමින් සිදු කළ මෙම සොඳුරු පින්කමේ අවසන සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන්නට යෙදිණි. මෙම ආශිර්වාද පින්කම අවසානයේ දී සිසු දරු දරියන් හට උතුම් සම්බුදු මුව මඬලින් වදහල සූත්‍ර ධර්මයන්ගෙන් ආශිර්වාද ගැන්වූ පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දෙන්නට යෙදුණි…. මෙසේ ජනිතවූ සියලු පින් මෙවර සාමාණ්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට අනුමෝදන් වෙත්වා…! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් ද මේ සියලු පූණ්යානුභාවයෙන් ද ඔවුනට නිදුක් නීරෝගී සුවපත්භාවය සැළසේවා..! කායික මානසික සැප සැහැල්ළුව සැළසේවා…! සුවසේ විභාගයට පෙනී සිට සාර්ථක ප්‍රතිඵල ලපා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව උදාවේවා…! පින් කැමති සියල්ලෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙවා…! සුවසේ සීලාදී ගුණධර්මයන් දියුණු කරගනිමින් උතුම් චතුරාර්යසත්යාවබෝධය පිණිස දුර්ලභ භාග්‍ය උදාවේවා…! මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් දූ දරුවනට උතුම් තෙරුවණේ අනන්ත ආශිර්වාදය සළසා දීමේ පිවිතුරු අදහසින් … Posted by Budu PaseBudu Arahanthaka Maha Viharaya on Sunday, December 6, 2015