මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් එක්ව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුරු මාලාව.

අගෝස්තු 27 වනදා – මාලබේ පිට්ටුගල බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී
(ලේ දන්දීමේ කඳවුරට අමතරව සෞඛ්‍ය කඳවුරක් ද පැවැත්වේ.)

සැප්තැම්බර් 18 – පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය.

රුධිර දායකත්වය ලබාදීමට පැමිණෙන ඔබත් තම ජාතික හැඳුනුම්පත රැගෙන ඒමට කාරුණික වන්න.

මියැදෙනා හදකට පණ නළක් වන්නට ලේ බිඳක් දන්දෙමු.