අසිරිමත් දෙතිස්ඵලරුහ බෝධි වන්දනාව මින් වසර 2300කට පෙර සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවාගෙන පැමිණි දඹදිව ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා රත්නය ශාඛා පහකින් සමන්විත වූහ. එම උතුම් බෝ රජාණන් අනුරපුර උඩමළුවෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා සහ දේවානම්පියතිස්ස රජිඳුන් විසින් ප්‍රධාන ඇමති මණ්ඩලය, රටවැසියෝ ඉදිරියේ අනේකවිධ ප්රාතිහාර්යයන් සහිතව රෝපණය වූහ. එහි දකුණුදිග ශාඛාවෙහි හටගත් බෝ ඵලය රෝපණයෙන් ලැබුණු බෝධීන් වහන්සේලා අට නම අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේලා ලෙස හඳුන්වයි. ඉතිරි ශාඛාරත්න හතරින් පැන නැගුණු බෝ ඵල හතර රෝපණයෙන් එක් ඵලයකින් අට නම බැගින් බෝධීන් වහන්සේලා තිස්දෙනමක් පහළ විය. ඒවා දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා නමින් හඳුන්වයි. එකල මහාජල්ලික නම්, කෙවුල් ගමින් (ධීවර ගම්මානයේ) පැමිණි සැදැහැවතුන් වසින් වඩමවාගෙන ගොස් සිය ගමෙහි ද, දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළහ. ඒ උතුම් බෝධීන් වහන්සේ වසර 2300 ක් පුරා ආශිර්වාද සලසමින් අදත් කල්පිටියේ වැඩ සිටිති. එම බෝධීන් වහන්සේට උපහාර පිණිස අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රන් වැටක් තනවා පූජා කරන ලදි. එම රන් වැට පූජා කිරීමේ උතුම් පින්කම 2016-01-29 වන දින ගෞරවණීය මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් හා බොහෝ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් මෙසේ සිදුකරන ලදි. සියල්ලෝම මේ උතුම් පින්කම සතුටින් අනුමෝදන් වෙත්වා! Posted by Mahamevnawa Monastery on Saturday, January 30, 2016 Mahamevnawa Monastery2018-11-10T11:23:37+05:30January 31st, 2016|News, නවතම පුවත්|1 Comment උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! May 17th, 2025 | 0 Comments බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය April 17th, 2025 අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! March 18th, 2025 යොවුන් දහම් සක්මන – 2025 යොවුන් දහම් සක්මන – 2025 February 17th, 2025 සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති December 14th, 2024 One Comment ඉමාෂි January 31, 2016 at 8:59 pm ස්වාමීනී ඔබ වහන්සේ අපේ ගමට වඩින සේක්වා! අපවත් සසරින් මුදත්වා! Comments are closed.
ස්වාමීනී ඔබ වහන්සේ අපේ ගමට වඩින සේක්වා! අපවත් සසරින් මුදත්වා!