කාලාන්තරයක් තිස්සේ රජරට ගොවිබිම් අස්වද්දන්නට භාවිත කළ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය භූගත ජලයට එක් වී ඇති අතර එම විෂ මිශ්‍ර ජලය පරිභෝජනය කිරීම නිසා රුදුරු වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටින එම ප්‍රදේශවල වෙසෙන දහසකුත් ජනතාව වෙනුවෙන් මහමෙව්නාව භාවනා අසපුවත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව සංවිධාන කරන පුණ්‍ය ව්‍යාපෘතිය යි පිවිතුරු පැන් පූජා.
ඒ අනුව 2016 ජූලි 08-09 දෙදින පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සිවුවැනි අදියර යටතේ කුරුණෑගල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් හි පිහිටි පොල්පිතිගම, පදවිය 18 කණුව, රුවන්පුර අලුත් ගම්මානයේ, බුද්ධංගල, ලස්සනගම යන ගම්මානවල ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථාන රාජ්‍ය ආරක්ෂක ලේකම් ගරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිඳුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් වූ වග යි.
පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා උපකාර කරන කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් දැයේ සුරක්ෂාවට උරදෙන අතර ම මනුෂ්‍යත්වය පෙරට ගෙන මෙම ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීම පිණිස ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු උපකාරයන් ලබා දුන්, මෙම ඒකකයන් පවත්වාගැනීම පිළිබඳ වගකීම දරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිඳුන් ප්‍රධාන දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරී පින්වතුන්ටත් වකුගඩු කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාටත් අප පුණ්‍යානුමෝදනා පූර්වකව සෙත් පතන්නෙමු.
කුරුණෑගල දිස්ත්‍රක්කයේ පොල්පිතිගම පොතානේගම ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දැක් වූ රාගම පදිංචි ආර්.ටී දේවානන්ද් මහතාටත් අනුරාධපුර දිස්ත්‍රක්කයේ පදවිය 18 කණුව ප්‍රදේශයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දැක් වූ රාජගිරියේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත මහතාට පින් පිණිස ඩබ්.ඒ. අතුල සිල්වා මහතා ඇතුළු පවුලේ සැමටත් රුවන්පුර අලුත් ගම්මානයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දැක් වූ ගිංතොට ගුණවර්ධන පවුලේ සැමටත් බුද්ධංගල ගම්මානයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දැක් වූ ජියෝ ඉන්ජිනියරින් කන්සල්ටන්ට් පුද්ගලික සමාගමේ සැමටත් ත්‍රිතුණාමලය දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලස්සනගම ගම්මානයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දැක් වූ රාජගිරියේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත මහතාට පින් පිණිස ඩබ්.ඒ. අතුල සිල්වා මහතා ඇතුළු පවුලේ සැමටත් මේ උතුම් සත්කාරය සඳහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා! මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ පින් එක සේ උපකාර වේවා!
Saadu..saadu..saadu..
Saadu..Saadu..saadu..dekabala sathutusithin pin anumodan wemi..me punya karmayata dayaka wu siyalu pinwathunta chathurarya sathyawabodaya pinisama me pin hethu wasana wewaa!!!
Mewata dayakawu wiyaparikayange wada katayuthu sarthaka wewa !
සාධු සාධු සාධු..! දැක බලා සතුටින් පින් අනුමෝදන් වෙමි. මේ උතුම් පින්කමට දායක වූ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් වූ නිර්වාන සුවය පතන සැමට වහ වහා චතුරාර්ය සත්‍යාවබෝධය වේවා..!