ප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙහි සයුරෙන් එතෙර සුපින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද සමාදන් කරවනු වස් මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් සිංගප්පුරුව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ දී උදුවප් පෝය නිමිති කොට ගෙන සදහම් වැඩසටහන් තුනක් පවත්වන ලදී. සදහම් අරුණැල්ල

අපගේ ලක් දෙරණ මත භික්ෂුණී සංඝයා බිහි කොට වදාළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන මේ ලක්දිවට වැඩම කළ උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දී, මෙලෙස අප මාතෘභූමියෙන් එතෙර ද සදහම් ඝොස පතුරවමින් රැස්කළ සියළු පින් සියල්ලෝ සතුටින් අනුමොදන් වෙත්වා….! සංසාර දුකින් අත්මිදෙත්වා…!