රුවන් සිරස පාද සෙත් ශාන්තිය (රතන සූත්රය ඇසුරෙන් රචිත සෙත් ශාන්තියකි) 01. පීනා සසරින් ගොඩ ලන සිතින් ම සව් සත 02. ඇස් ඉස් ලේ අඹු දරුවන් දන් දුන් බෝසත 03. පින් බලයෙන් යුදයට පත් මරසෙන් ජය ගත 04. නියං සාය වැදී කලිඟු රටින් බමුණු එත 05. දන් දෙන කල පතමින් බුදු බව අප බෝසත 06. සුගත් දෙසූ ආරිය සඟ ගණනින් අට සත 07. මහසුප් තෙර අප මුනිඳුන්ගෙන් තනතුරු ගත 08. රැසින් බුදුන්නේ ලක්දිව යක්සෙන් වෙව්ලත 09. කාරියකට නැතිය පෝරිසාද යකුගෙ ගත 10. මහසම්මත රජව උපන් අපගේ බෝසත 11. පුංචාවී චිඤ්චි මාණවිකාව කළ කැත 12. පිනෙන් උතුම් දෙවඟන සරි යසෝදරා කත 13. පින් බලයෙන් අප බෝසත් රජුන් කිඹුල්වත 14. සේනා මැද වාදෙට පත් මූසිල වැසියත 15. මාන සිතින් නැතිව මුනිඳුතුමා සිඟා යත 16. මහමායා කුසින් බිහිව සක්දෙව් සිරි ගත 17. බීලා රා කළ සොළසක් බුදුන් නසන සිත 18. සිරුර නළල දෙබැම දෑස නාස මුඛය ගත 19. ඇඟිලි ද විසි නිය ද මෙකී තැන් වල දොස ඇත
දානාදී පෙරුම් බෙලෙන් බුදු විය බෝසත
නානා දොස් සිරස නළල දෙබැම මෙයින් නැත
යානීධ භූතානි බෙලෙන් වේය ඔබට සෙත
මහ පොළවට වැඩිය තමන් මස් දුන්නේ ගත
දොස් එ අණින් දෑස නාස මුඛයෙන් බැස යත
තස්මා යන අනුහසයෙන් වේය ඔබට සෙත
සුන් කර පස් මරුන් බුදුව පතුරන මෙත් සිත
දැන් ඒ අනුහසින් ඔබේ බෙල්ලෙ දෝස නැත
යං කිඤ්චි විත්තං බලයෙන් වේය ඔබට සෙත
නිවන් පතා වෙසතුරු රජු ඇලි ඇතු දන් දෙත
උරෙන් දෑල කරින් දෑත දෙතනෙහි දොස යත
ඛයං විරාගං යන සෙත් බෙලෙන් ඔබට සෙත
සත්තෝසෙන් වෙසතුරු කල නැටුවේ මිහිකත
දැන් ඒ අනුහසින් ඔබගෙ පපුවෙ දෝස නැත
යං බුද්ධ සෙට්ඨෝ යන සෙත් බෙලෙන් ඔබට සෙත
දියත් පතල සැරියුත් මුගලන් පිරිවර ඇත
මහත් දෝස එ අනුහසින් නැබයෙන් බැස යත
යේ පුග්ගල මෙසත් බෙලෙන් වේය ඔබට සෙත
දාගැප් තුළ මහියංගණ කේශ ධාතු ඇත
කී ඇප් අනුහසින් දෝස යටි බඩ පහ වෙත
යේ සුප්පයුත්තා යන සෙත් බෙලෙන් වේය සෙත
නිසින් ම වැඳ ඉල්ලු ලෙසට උන්ට අභය දෙත
දොසින් කටිය පැතිර සිටිය එ අනුහසින් යත
යථින්දඛීලෝ යන සෙත් බෙලෙන් ඔබට සෙත
වීරිය බලයෙන් ම දමන කළේ සෝමසුත
නෑරිය සිටි රහස දෝස එ අනුහසින් යත
යේ අරියසච්චානි බෙලෙන් වේය ඔබට සෙත
පහ කරමින් සැම අකුසල් බුදු බව ලැබ ගත
වහා උකුල දෝස එ අනුහසින් ම දුරලත
සහාවස්ස මෙසත් බෙලෙන් වේය ඔබට සෙත
වංචාවෙන් බුදුන්නෙ දොස් බව ලෙව් සත දත
සංචාරණ දෙකලව දොස එ අනුහසින් යත
කිංචාපි සෝ මෙසත් බෙලෙන් වේය ඔබට සෙත
ගෙනත් එබෝසත් හට ඒ බිසෝ පාව දෙත
මෙසත් එ අනුහසින් දෙදණ දෝසය දුරලත
වනප්පගුම්බේ බලයෙන් වේය ඔබට සෙත
නුරා සිතින් දෙවඟන සරි යසෝදරා කත
හැරා පුරෙන් ගියනුහසින් කෙණ්ඩ දෝස නැත
වරෝ වරඤ්ඤූ යන සෙත් බෙලෙන් ඔබට සෙත
වීණා වාදෙන් ජය ගති ගුත්තිල පණ්ඩිත
දිනූ එ අනුහසින් වළලුකර දොස් පහ වෙත
ඛීණං පුරාණං යන සෙත් බෙලෙන් ඔබට සෙත
ගෑණිය දුන් බොජුන් රැගෙන වැඩුවා මෙත් සිත
රැහැනි නොවූ එ අනුහසින් නළලෙ දෝස යත
යානීධ භූතානි බෙලෙන් වේය ඔබට සෙත
ගිහි ගෙහි විසි නව වරුසයෙ බැස ගිය බෝසත
පාද ඇඟිලි දෝස එ අනුහසින්ම දුරලත
යානීධ භූතානි බෙලෙන් වේය ඔබට සෙත
නාලාගිරි ඇතා මුනිඳු දමනය කර ගත
පෑලා විසි නියෙන් දෝස එයින් ම දුරලත
යානීධ භූතානි බෙලෙන් වේය ඔබට සෙත
දෙතන බෙල්ල දෙවුර දෑල සමග දෑත ගත
පපුව උදර නැබ යටිබඩ කටිය රහස ගත
උකුල කලව දෙදණ කෙණ්ඩ බොලට පතුල් ගත
විපුල ගුණැති තිසරණ අනුහසින් ම දුරලත
ඉතිරි නොවී සැඩ පිරිපත මෙයින් ම දුරලත
නිතර සලස්වා සුබ සෙත ආතුර රැක දෙත