කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිවූ සිරි ගෞතම සිරිපා මහා විහාර මන්දිරයේ තැන්පත් වන අසිරිමත් සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර පිණිස පවත්වන අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර අප්‍රේල් මස 28 සෙනසුරාදා සවස 4.00 සිට කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්විය.

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ මෙම උතුම් පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවිවරුන්ටත්, සිරි ගෞතම සිරිපා විහාරය තනවනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!