පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ සතියක පමණ කාලයක් ඉතා බලවත් ලෙස රෝගාතුර වී දිල්ලියේ ශ්‍රී ගංගාරාම් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට බොහෝ දෙනෙකුගේ සිත් කම්පාවට පත්කරවමින් ඊයේ (2015-07-16) රාත්‍රියේ අපවත් වී වදාළා.

උන්වහන්සේ අවුරුදු අටක් පමණ කාලයක් ඉන්දියාවේ වැඩ වසමින් අති දක්ෂ අයුරින් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වුනා. ශ්‍රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට උන්වහන්සේ නිසා සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීමට හැකිවුනා. ඒ වගේම ඉන්දියානු ජාතික බොහෝ දෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණුනා. අපවත් වන විට තිස්දෙවන වියේ පසුවූ උන්වහන්සේ බොහෝ දුෂ්කරතා මැද මේ අවුරුදු අටක කාලය තුළ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය තුළිනුත් පුදපූජාවන් තුළිනුත් සමාජ සත්කාර තුළිනුත් රැස්කරගත් පින අතිවිශාලයි. උන්වහන්සේ විසින් මුළු ජීවිත කාලය පුරා රැස්කරගත් සියලු පිනුත් අප විසින් රැස් කළ සියලු පිනුත් උන්වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතුවාසනා වේවා!

එමෙන්ම උන්වහන්සේ අසනීප වී සිටින බව දැනගත් මොහොතේ පටන් බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කරමින් පින් අනුමෝදන් කරමින් සත්‍යක්‍රියා කරමින් උන්වහන්සේට සෙත් පැතුවා. බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් නොයෙක් අයුරින් ආධාර උපකාර කළා. ඒ සියලු දෙනාටම අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පළකර සිටිමු. ආදාහන කටයුතු 19 වන ඉරිදා දින බුද්ධගයාවේ නේරංජරා නදිය අසබඩ දී සිදුකෙරේ.

පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ විසින් තම ජීවිතයේ අවසාන කාලයේ තමන්ට තව ජීවත් වීමට වැඩිකලක් නොවන බව දැනගෙන දෝ උන්වහන්සේ විසින්ම තම ගුරුදේවයන් වහන්සේට උපහාර පිණිස නිර්මාණය කරන ලද වීඩියෝවයි මේ.

Special

අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු

June 26th, 2021|3 Comments

අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.