අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිටත් වේ. එම පෙරහැර අද රාත්‍රී ත්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්ත වන අතර හෙට උදෑසන 8 ට නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය සේරුවිල මංගල රාජමහා විහාරය බලා වැඩමවනු ඇත. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදුකරනු ලබන්නේ ලබන 7 වෙනි සෙනසුරාදා සවස 3 ට සේරුවිල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේදීය.