නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කාන්තාවන් ඉතා අඩු නමුත් පිරිමි වැඩිපුර ඉන්න පවුල් තියෙනවා. කළයෙහි සැඟ වූ පහන් එළියෙන් හොරකම් කරන කළහොරුන්ට අර පවුල්වල වස්තුව හොරකම් කරන එක ලෙහෙසි නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි භික්ෂුවක් මෙත්තා චේතෝ විමුක්තිය නම් වූ මෛතී‍්‍ර සමාධිය වඩල තියෙනවා නම්, බහුල වශයෙන් පුරුදු කරල තියෙනවා නම් අමනුස්සයන්ට ඔහුව වෙහෙසවන එක ලෙහෙසි නෑ. පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන. සාදු! සාදු!! සාදු!!! පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන. සාදු! සාදු!! සාදු!!! “ස්වාමීනි, ඒක කරන්ට පුළුවන් දෙයක් නො වෙයි.” ඒකට හේතුව මොකක් ද? “ස්වාමීනි, ඒ ආයුධය තියුණු ලෙස මුවහත් වූ තල තියෙන එකක්. ඒක අතින් හරි මිට මොලොවා ගෙන හරි නවන එක හෝ එකට එකතු කරන එක හෝ දිගහැර නැවත හකුළුවන එක ලෙහෙසියෙන් කරන්නට පුළුවන් දෙයක් නො වෙයි.” අන්න ඒ විදිහ ම යි පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා නම්, බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා නම්, ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා නම්, පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා නම්, මනා කොට සිහියේ රඳවා ගන්නවා නම්, ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා නම්, ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා නම්, පින්වත් මහණෙනි, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහු ගේ සිත කළඹන්නට ඕන කියල හිතනවා නම්, ඒ අමනුස්සයා ම යි වෙහෙසට පත් වෙන්නේ. ඒ අමනුස්සයා ම යි පීඩාවට පත් වෙන්නේ. එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන. සාදු! සාදු!! සාදු!!! සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
(කුල සූත‍්‍රය – සංයුත්ත නිකාය – 2)
(ඔක්ඛාසත සූත‍්‍රය – සංයුත්ත නිකාය – 2)
(සත්ති සූත‍්‍රය – සංයුත්ත නිකාය – 2)