සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඊයේ දින (2015.10.27 වන වප් පුන් පොහෝ දින) ආරම්භ වුනා. මෙම ළමා සදහම් වැඩසටහන සෑම පුන් පොහෝ දිනකම උදෑසන 8 සිට සවස 4 දක්වා පැවැත්වෙනවා. තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදෙනවා වගේම ඔවුන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගැනීමට උපකාර වෙන ගුණධර්මයන් ඇතිකර ගැනීමට උපකාර කිරීම දෙමව්පියන්ගේ වගකීමයි. එම නිසා ඔබේ දූදරුවන් ද මෙම දහම් වැඩසටහනට යොමු කරන්න. ඔබේ දරුවන්ගේ ජීවිත තුළට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු වුනොත් ඔවුන් අනාගතයේදී මේ විෂම සමාජය තුළ යහපත් පුද්ගලයන් බවට පත්වේවි.

විමසීම් – මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල.
දුරකතන – 0372244602 / 0374942746

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙ…

Posted by Mahamevnawa Buddhist Monastery on Tuesday, October 27, 2015