උදාවන2016 ව්‍යවහාරික වර්ෂය වෙනුවෙන් සැමට සෙත් පතා සිදු කෙරෙන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහ අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වන්දනාව

උදාවන 2016 ව්‍යවහාර වර්ෂය වෙනුවෙන් සියලු දෙනාටම සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣයනාවක් නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වේ. මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන මෙම පිංකම දෙසැම්බර් මස 31 දින සවස 6.00 සිට පසුදා පහන්වන තුරු පැවැත්වේ. පින්වත් ඔබ සියලු දෙනාටම ඒ සඳහා සහභාගී වන මෙන් මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

වැඩසටහන් පෙළගැස්ම –

  • සවස 6.00 සිට රාත‍්‍රී 8.00 දක්වා – අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වන්දනාව
  • රාත‍්‍රී 8.30 සිට 9.30 දක්වා – පිරිත් අනුශාසනාව
  • රාත‍්‍රී 9.30 සිට පසුදා පහන් වන තුරු – පිරිත් සජ්ඣායනය
  • පාන්දර 5.30 ට – පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දීම
  • (ජනවාරි 01 දා) පෙ.ව. 6.00 ට – කිරිපිඬු පූජාව
  • පෙ.ව. 6.30 ට – සාංඝික දානය

සියලු දෙනාටම තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා !

මහමෙව්නාව භාවනා අසපුව නෙදර්ලන්තය

Middenweg 65, 1394 AD, Nederhorst Den Berg, Netherlands.
දුර : (+31) 294 254 393 / (+31) 684 649 838
Email : mahamevnawa.nl1@gmail.com