විමාන වත්ථු කථා මාලාව සහ ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය…

සම්බුදු සසුනේ අගසව් තනතුරු දරමින් ඉර්ධි බලයෙන් තථාගතයන් වහන්සේට පමණක් දෙවැනි වූ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සදෙව් ලොව සැරිසරා දිව්‍ය සැප ලද්දවුන් සමඟ කතා බස් කරමින් පිනෙහි අනුසස් ඔබගේ නෙත් ඉදිරියේ ජීවමාන කරවන

විමාන වත්ථු කතා මාලාව.

එමෙන් ම කරන ලද පාප කර්මයන් අති බිහිසුනු ලෙස විපාක දෙන බියකරු නිරයේ ස්වභාවය ඔබගේ නෙත් ඉදිරියේ විදහා දක්වන
3D සජීවීකරණ තාක්ෂණය ඔස්සේ නිම වූ නවතම රූප පෙළහර.

බියකරුය මේ සසර

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට විවෘත මහජන ප්‍රදර්ශනයක් ලෙසින්
ජූලි මස 20 වැනි බදාදා සිට 24 වැනි ඉරු දින දක්වා
කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සුපිහිටි ශ්‍රද්ධා නාලිකා පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය කෙරෙන වගයි.

දර්ශන වාර ————–

රාත්‍රී 07.15    –    රාත්‍රී 08.15    –    රාත්‍රී 09.15 ට

[/fusion_text]