එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ පහත පරිදි ය.

පෙ.ව. 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ පොහොය වැදගත්කම පහදා දීම.
උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම.
පෙ.ව. 7.00 – 8.00 හීල දානය සහ විවේක කාලය
පෙ.ව. 8.00 සිල් සමාදන් වීමට නොහැකි වූවන් හට නැවත සිල් සමාදන් කරවීම,
ධර්ම දේශනාව – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
පෙ.ව. 10.00 ගිලන්පස විවේක කාලය
පෙ.ව. 10.30 දහවල බුද්ධ පූජාව
පෙ.ව. 11.00 – 12.30 දහවල දානය සහ විවේක කාලය
ප.ව. 12.30 පුණ්‍යානුමෝදනාව සහ සජ්ඣායනාව
ප.ව. 1.00 – 3.00 ධර්ම දේශනය සහ භාවනාව
ප.ව. 3.00 – 3.30 ගිලන්පස විවේක කාලය
ප.ව. 3.30 – 5.00 ධර්ම සාකච්ඡාව
මාතෘකාව – බුදුපසේබුදු මහරහතුන්ගේ භූමිය හඳුනාගනිමු
ප.ව. 5.00 – 5.30 විවේක කාලය
ප.ව. 5.30 – 7.00 සම්බුද්ධත්ව වන්දනාව
ප.ව. 7.00 – 7.45 විවේක කාලය සහ අවට නැරඹීම
ප.ව. 7.45 සිට
පසුදා පහන්වන තුරු
සර්වරාත්‍රික පාළි – සිංහල මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
පසුවදා
පෙ.ව. 6.00
සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව

එමෙන්ම වෙසක් පුන් පොහෝදා සිට මැයි 06 දින දක්වා බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් නිරය සහ දෙව්ලොව පිළිබඳ තොරතුරු විදහා දක්වන විශේෂ නිර්මාණයක් ද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිය.