කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශී‍්‍ර සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ‍්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන්ගේත්, ශී‍්‍ර නාමෝපලක්‍ෂිතව සොදුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් යුතුව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් යුතුව ඉදිකළ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය මෙම නොවැම්බර් මස 18 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි……

ඒ උතුම් පින්කමට සමගාමීව ති‍්‍රවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශී‍්‍ර පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතාපදානයේ අති සුවිශේෂී සිදුවීම් මූර්තිමත් කරමින්, සොදුරු සිතුවමින් සිත්තම් කරමින් නේක විධ මාලා කර්ම, ලතා කර්මාදියෙන් සමලංකෘතව පෙර රජ දවස සිහි ගන්වමින්, අග‍්‍රගණ්‍ය ලෙස නිමවූ උතුම් ධාතු ගර්භය දැක බලා වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාව නොවැම්බර් මස 10 වන දින සිට 16 වන දින තෙක් උදෑසන 9 සිට රාතී‍්‍ර 10 දක්වා ඔබට උදාවේ.

සර්ව රාති‍්‍රක පිරිත් දේශනය – නොවැම්බර් මස 17 වන දින සෙනසුරාදා
දහවල මහා සඟගත දක්‍ෂිණාව – නොවැම්බර් මස 18 වන දින ඉරිදා

සෑම දිනකම දන්සැල් පැවැත්වේ.

දෙලොව සෙත සලසා ගනිමින් පින් අස්වනු නෙළනු රිසි සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…!

සියලූ විමසීම් – 071 30 20 306 / 057 567 11 11