මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය ඔස්සේ සිදු කරන එළවළු බෙදාදීම් වැඩසටහනේ සිව්වන අදියර ලෙස අතුරුගිරිය, ග්‍රාමෝදයගම හා නව නිවාස සංකීර්ණය අසල අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ද, ජා-ඇල ගල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙත ද, රටේ පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ වී ඇති බව දන්වන ලද විවිධ ප්‍රදේශවල නිවෙස් වෙත ද ගොස් එළවළු පාර්සලයක් ලබාදීම 2020-04-20 වන දින සිදු කරනු ලැබීය. මෙම පුණ්‍ය ක්‍රියාන්විතය හා එක්වෙමින් එළවළු ලබා ගැනීමට සහ නන් අයුරින් දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.

මෙම පුණ්‍ය ක්‍රියාන්විතයේ විස්තර

විවිධ වර්ගයේ එළවළු කිලෝ 5000කින් පමණ යුතු එක් ලොරියක් සඳහා රු. 250,000ක පමණ මුදලක් වැය වන අතර මේ දුෂ්කර අවස්ථාවේ දුප්පත් ගම්මානයක් සඳහා එළවළු ලොරියක් වෙනුවෙන් හෝ හැකි පමණින් බරපැන දරමින් ඔබටත් අප හා එක්විය හැකියි. මේ සඳහා දායකත්වය දැරිය හැකි පින්වතුන් 070 299 47 72 , 070 599 60 35 , 071 091 98 12 දුකරකථන අංකයන්ගෙන් විමසන්න.

එළවළු විකුණාගත නොහැකිව සිටිනා ගොවිමහතුන් සහ නොමිලේ ලොරි ලබාදීමට කැමති පින්වතුන් 070 375 16 67 , 071 77 55 207 අංක අමතන්න.

ඔබ සිදුකරනා සියලු ම මුදල් පරිත්‍යාග ගිණුම් අංක 1162 6100 3919 සම්පත් බැංකුව, කඩුවෙල ශාඛාව, ශ්‍රද්ධා පින්කම් අරමුදල ගිණුමට බැර කර එම රිසිට්පත ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමගින් charity@shraddha.lk ඊමේල් ලිපිනයට හෝ 076 14 14 715 වට්ස්ඇප් අංකයට යොමු කරන්න. Swift code BSAMLKLX

ලක්පොළොවෙන් උපන් සාරය ලක් දූ පුතුන් පෝෂණය නොකොට නිකරුනේ දිරායෑමට ඉඩ නොතබමු… අපේ ගොවි විරුවන් රැකගනිමු…. මව්බිම වෙනුවෙන් එක්වෙමු…