කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.

මෙම පුණ්ය උත්සවය සඳහා රජයේ වෛද්ය නිළධාරී සංගමයේ ගරු සභාපති විශේෂඥ වෛද්ය අනුරුද්ධ පාදෙණිය මහතා ද, SLINTECH ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිළධාරී හේමින්ද ජයවීර මහතා, SLINTECH ආයතනයේ ආචාර්ය සංජීව විජේසිංහ මහතා ද රෝහල් සම්බන්ධීකරණයෙන් වෛද්ය හේමන්ත බණ්ඩාර මහතා ඇතුළු වෛද්ය හෙද සහ රෝහල් කාර්යමණ්ඩල වල සමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩලවලටත්, එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !