ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.
සෑය වටා ඉදිකර ඇති සතර වාහල්කඩවල ද කොත් වහන්සේලා 36 නමක් පළඳවන ලද අතර අඩි 12ක් උසැති ප්‍රධාන කොත් වහන්සේ ඇතුළුව 37 ක් වූ මෙම සියලු කොත් වහන්සේලා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සිහිගන්වමින් ඊට ගෞරව පිණිස පූජා වුණි.
සියල්ලෝ මේ උතුම් පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
මේ සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා!
මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශීර්වාදයෙන් මුළු ලොව පුරා පැතිරෙන භයානක වසංගත රෝගය වහ වහා දුරු වේවා! වසංගත රෝගය වැළඳුණු සියලු දෙනාට ද ඉක්මන් සුවය ලැබේවා! සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් යුතුව සුරක්ෂිත වූ ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා!
Pinwath loku swameenwase ethulu siyaluma swameenwaselata saha maniyan wahanselata namaskara karami. Namobudhaya;;;;;;
නමෝ බුද්ධාය,
“ශ්‍රී ගෞතම සම්බුදු සසුන උදෙසාත්, පිං කැමති දෙවු මිනිසුන් උදෙසාත්, දායාද කළ ශ්‍රී අංගුලිමාල සෑ රජානන් වහන්සේ වැඳ පුදා සියල්ලෝ අප්‍රමාන පිං රැස්කර ගනිත්වා, මේ අති උදාර, අනර්ඝ පුන්‍යකර්මය සිදුකර ලොවට දායාද කළ මහමෙවුනාවේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ප්‍රමුක සියලු පිංවත් ස්වාමින් වහන්සේලාට මගේ සියලු පිං අනුමොදං කරමින් හද පිරි ගෞරවය, ආදරය නමස්කාරය පුද කරමි,,,,,,,පිංවත් ලොකු ස්වාමින් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවන් අසිරිමත් පිංකම් තව තවත් සිදුකරන සේක්වා, සාදූ සාදූ සාදූ.,,,,!!!
නමෝ බුද්ධාය
නමෝ බුද්ධාය !
නමෝ බුද්ධාය !
පින්වත් නායක හාමුදුරුවෝ ඇතුළු මහමෙව්නා වාසී සුපින්වත් සියළුම සංඝරත්නයට ආරක්ෂාව රැකවරණය සැලසේවා.. ආයු, වර්ණ, ප්‍රඥා, ශක්තිය, ධ්යර්යය, සතුට, ශාන්තිය, චීර ජීවනය, නිදුක්, නිරෝගීභාවය ලැබේවා..!
සාදු සාදු සාදු අනුමෝදාමි …
නමෝ බුද්ධාය ……
සාදු සාදු සාදු අනුමෝදාමි …
නමෝ බුද්ධාය ……
සාදූ…සාදූ….
සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය