ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.

සෑය වටා ඉදිකර ඇති සතර වාහල්කඩවල ද කොත් වහන්සේලා 36 නමක් පළඳවන ලද අතර අඩි 12ක් උසැති ප්‍රධාන කොත් වහන්සේ ඇතුළුව 37 ක් වූ මෙම සියලු කොත් වහන්සේලා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සිහිගන්වමින් ඊට ගෞරව පිණිස පූජා වුණි.

සියල්ලෝ මේ උතුම් පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මේ සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා!

මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශීර්වාදයෙන් මුළු ලොව පුරා පැතිරෙන භයානක වසංගත රෝගය වහ වහා දුරු වේවා! වසංගත රෝගය වැළඳුණු සියලු දෙනාට ද ඉක්මන් සුවය ලැබේවා! සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් යුතුව සුරක්ෂිත වූ ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා!