ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 17 දෙනෙකු සහ එළුවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-09-08 වන දීන දී පැවැත්වීය. මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දැරූ පින්වතුන් සියලු දෙනාටත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් බියකරු සසරේ කිසි දිනක දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා..!

ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය.

දුරකථන අංකය 071 437 15 22