ශ්රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!