Blog

Blog2016-11-08T10:09:37+05:30

June 2015

උගුල සිඳෙයි

By |June 19th, 2015|Categories: දහම් ලිපි සරණිය, මණිමේඛලා|

විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.

Comments Off on උගුල සිඳෙයි

4-4. විඩූඩභගේ කථා වස්තුව

By |June 18th, 2015|Categories: 04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. අන්තිමේදී මරණයට පත්වෙලා නිරයේ උපදිනවා.

Comments Off on 4-4. විඩූඩභගේ කථා වස්තුව

මෙත් වැඩීමෙහි අනුසස්

By |June 15th, 2015|Categories: Uncategorized|

එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල.

Comments Off on මෙත් වැඩීමෙහි අනුසස්

4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව

By |June 11th, 2015|Categories: 04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.

නරබිල්ල

By |June 8th, 2015|Categories: මණිමේඛලා|

නායකතුමා ආයෙමත් හයියෙන් හිනාවුණා. කඩුව ඔසොවාගෙන වේගයෙන් පහර දුන්නා. කෙහෙල් දල්ලක් ඇඹරී වැටෙනා ලෙසින් කඩුව ඇඹරී වැටුණා. නායකතුමා ගත් වේගය කොතරම්ද යත්, කඩුව අතින් ගිලිහෙද්දී ඔහු වැටී පොඩිනම ඉදිරියෙහිදී දණ ගැස්සුණා.

002. වණ්ණුපථ ජාතකය

By |June 6th, 2015|Categories: 01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි..... අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ...... මේන්න දිය සීරාව උඩට මතු වුනා.

Go to Top