June 2015
4-4. විඩූඩභගේ කථා වස්තුව
පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. අන්තිමේදී මරණයට පත්වෙලා නිරයේ උපදිනවා.
මෙත් වැඩීමෙහි අනුසස්
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල.
4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව
අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.
නරබිල්ල
නායකතුමා ආයෙමත් හයියෙන් හිනාවුණා. කඩුව ඔසොවාගෙන වේගයෙන් පහර දුන්නා. කෙහෙල් දල්ලක් ඇඹරී වැටෙනා ලෙසින් කඩුව ඇඹරී වැටුණා. නායකතුමා ගත් වේගය කොතරම්ද යත්, කඩුව අතින් ගිලිහෙද්දී ඔහු වැටී පොඩිනම ඉදිරියෙහිදී දණ ගැස්සුණා.
002. වණ්ණුපථ ජාතකය
එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි..... අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ...... මේන්න දිය සීරාව උඩට මතු වුනා.
4-1,2. පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව
අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි.





