Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

අසිරිමත් පසේබුදු පෙළහර 3

By |October 30th, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|

මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 3

රන් රුවක් නිසා පසේබුදු වූ අසිරිය

By |October 30th, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|Tags: , |

මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

මෛත්‍රී සිත් ඇති පසේ බුදුවරු

By |October 30th, 2014|Categories: අසිරිමත් පසේබුදු පෙළහර|Tags: , , |

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි.

1-18. සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව

By |October 29th, 2014|Categories: 01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා ”පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්‍යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්‍යානයට මගේ නම දාන්න කැමැතිද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා. ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.

1-17. දෙව්දත්ගේ අවසන් කාලය

By |October 29th, 2014|Categories: 01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප‍්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ.

Comments Off on 1-17. දෙව්දත්ගේ අවසන් කාලය

1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

By |October 29th, 2014|Categories: 01 යමක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් කථාබස් කරනවා නම්, ඒ ධර්මය අනුගමනය කිරීමට වෙහෙස මහන්සි වෙනවා නම්, ඒ බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා. අන්න එවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා. හොඳට පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ දෙනෙක් පින් ගැන කථා කළත්, පින් කරන හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරන්න පුළුවනි. නරක තැන්වල උපත නොලබා, දෙව්ලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් එතෙර වෙන්න පුළුවනි.

Comments Off on 1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව
Go to Top