මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජනවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 9ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ගරු අධ්‍යක්ෂ ජෙනරාල් තුමා, උසස් තාක්ෂන ආයතනය, මට්ටක්කුලිය.
  2. ගරු පුස්තකාලයාධිපති තුමා, මහජන පුස්තකාලය, බටුවත්ත, හැලමඩ.
  3. ගරු සභාපති තුමා, “සමගි” වැඩිහිටි සංවිධානය, පහල ගරාගොඩ, යටියන්තොට.
  4. ගරු සභාපති තුමා, “පියවර” ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය, උත්තරාරාම විහාරය, උඩුගම්පොල.
  5. ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ, ශෛලාරාම භාවනා අසපුව, කිවුලේ වාසය, ලග්ගල.
  6. ගරු ප්‍රධානාචාර්ය මෙහෙණින් වහන්ස, 20/309 “දහම් මැදුර”, ජයසුන්දර මාවත, කුරුණෑගල.
  7. ජනාධිපති පෞද්ගලික ලේකම් අංශය, ජනාධිපති කාර්ය්‍යාලය, කොළඹ 01.
  8. ගරු පුස්තකාලයාධිපති තුමා, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, පස්සර පාර, බදුල්ල.
  9. ගරු ප්‍රධානාචාර්ය තුමා, අංක 23, බෝසත් ළමා සමාජය, ශ්‍රී බෝධියංගන දහම් පාසල, ශ්‍රී බෝධියංගනාරාමය, දිවුලපිටිය.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.