10-7. උපෝසථ සිල්ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව
“පින්වත් විශාඛා, ඕක තමයි සසරේ හැටි. ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයන්ව දක්කනවා වගේ මේ උපන් සත්වයාව ජරා මරණවලට තමයි දක්කගෙන යන්නේ. වෙන මොකවත් නෑ. සසරේම යනවා... ආර්ය සත්‍යය පසක් කරගන්නේ ප්‍රඥාවන්තයන් නෙව.”
“පින්වත් විශාඛා, ඕක තමයි සසරේ හැටි. ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයන්ව දක්කනවා වගේ මේ උපන් සත්වයාව ජරා මරණවලට තමයි දක්කගෙන යන්නේ. වෙන මොකවත් නෑ. සසරේම යනවා... ආර්ය සත්‍යය පසක් කරගන්නේ ප්‍රඥාවන්තයන් නෙව.”
“එසේනම් ඔබ ස්ත්‍රීවාදයෙන් මේ භික්ෂූන්ට චෝදනා කරන එක වැරදියි. ඔබගේ පිටුපසින් ස්ත්‍රියක් එනවාය කියන කරුණ සත්‍ය එකක්. ඔබට එය පේන්නෙ නැත්තෙ ඔබගේ කර්ම විපාකයක් නිසා. කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලයේදී....
“ඉතින් දරුවනේ, ඔයාලා තමන්ට සැප ළඟා කරගන්න හිතාගෙන නේද ඔය සතාට පහර දෙන්නේ? එහෙම කරන අයට උපනූපන් ආත්මයක සැප නම් ලැබෙන්නෙ නැහැ. තමන්ගේ සැප උදෙසා අනුන්ට පහර දෙන්න කිසිසේත්ම වටින්නේ නැහැ.”
“පින්වත් මහණෙනි. භික්ෂූන් වහන්සේලා හැටියට මෙත් සිතින් වාසය කළ යුතුයි නේද? තමන් ගැන පොඞ්ඩක් කල්පනා කරන්න. තමන් දඬුවටම භයයි. අනිත් අයත් දඬුවමට භයයි. තමන්ට තමන්ගේ ජීවිතය ප්‍රියයි. අනිත් අයටත් තමන්ගේ ජීවිතය ප්‍රියයි. මේ නිසා තමන්ව උපමා කරගෙන ගහන මරණ ඒවා නොකර ඉන්න.”
“පින්වත් මහණෙනි, තමන්ට දඬුවම් කරනවාට තමන් කැමති නෑනේ. ඒ වගේ තමයි අනිත් අයත්. ඒ අයත් දඬුවම් ලබන්න බියයි. තමන්ව මරණවාට තමන් කැමති නෑනේ. අනිත් අයත් මරණයට භයයි. පොඞ්ඩක් හිතන්න. තමන්ව උපමාවට ගන්න. කවදාවත් ගහන මරණ ඒවා කරන්න යන්න එපා!”
"සුප්‍රබුද්ධ රජුගේ මංගල අශ්වයා කිපුණා. කැළඹුණා. පිරිසට හිංසා කරන්නට පටන් ගත්තා. බිත්තිවලට ගහන්නට පටන් ගත්තා. මහා හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. මිනිසුන් ද කලබල වුණා. පහළ මහා ඝෝෂාවක් ඇසුණා. උඩුමහලේ සිටි සුප්‍රබුද්ධට මෙය ඇසුණා. ඔහුට පමණයි මේ අශ්වයා අවනත වන්නේ. ඔහුට සියල්ල අමතක වුණා. ඔහු වේගයෙන් පහළට බැස්සා."
"හොඳයි! තෝ මෙතනම නිදාගන්...! කියලා ලොකු පිදුරු මිටියක් අරගෙන ඇවිත් ගොනාගේ සිරුර පුරාම දාලා ගිනි තිබ්බා. ගොනා එතනම මළා. ගොවියට දැන් හරි සතුටුයි. සතාට යස දඬුවමක් දුන්නා කියලා හිතුවා. මරණින් මත්තේ මොහු නිරයේ උපන්නා. එහි ඉතුරු විපාක හැටියට කපුටු ආත්මයේ සත් වතාවක් ඔය විදිහට අහසේම ගිනි අරගෙන මැරුණා."
"ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ නිසා රෝගාතුර වුණා. සුළු දිනකින් පිරිනිවන් පෑවා. කොස්වා ලිහිණියා මියගොස් උපන්නේ එම බිරිඳගේ කුසෙහි මිනිස් දරුවෙක් වෙලයි. ටික කලකින් මැණික් කරුවා මියගොස් නිරයේ උපන්නා. බිරිඳ මියගොස් දෙවියන් අතර උපන්නා."
"උන්වහන්සේ කලබල වෙලා ගහ උඩ දඟලද්දී පෙරවූ සිවුර ගැලවී වැද්දාගේ හිස මත වැටුණා. වැද්දා හිසේ සිට සිවුරෙන් වැසී ගියා. බල්ලන් සිතුවේ භික්ෂුව ගහෙන් බිමට වැටුණු බවයි. වැද්දා වටකරගත් කීන බල්ලන් ‘පටත් පටත්’ අනුකරණයෙන් වැද්දාව හපන්න පටන් ගත්තා. තම දඩයම් බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වූ වැද්දා එතනම මිය ගියා."
"බුදුරජාණන් වහන්සේ රුක් සෙවණේ වැඩසිටිනවා දැක්කා. ‘හරි... එහෙනම් ඒක මුන්දැගෙ වැඩක්! ආයෙමත් නොකරන්න මං උගන්වන්නම් පාඩමක්’ කියලා දුනු ඊතල එළියට ඇද්දා. එච්චරයි. ඔහුට අතපය සොළවන්න බැරිව ගියා. ඇඟ ගල් ගැහිලා ගියා. කිසි දෙයක් කරගන්න බැහැ. දාඩිය ගලනවා. කටින් කෙළ බේරෙනවා. නමුත් සෙළවෙන්න බැහැ."