දහම් ලිපි සරණිය

දහම් ලිපි සරණිය2020-05-26T17:42:26+05:30

සිත නිවන දම් අමා

තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.

රුවන් සිරස පාද සෙත් ශාන්තිය

මේ වනාහී අභාවයට පත් එක්තරා උපාසක මහතෙකුගෙන් ලැබුනු සෙත් ශාන්ති ක්‍රමයකි. එකල අපේ මුතුන් මිත්තන් ඉතා අහිංසක ආකාරයට සෙත් පැතීම පිණිස රතන සූත්‍රය ඇසුරෙන් රචනා කොට ඇත්තේය. මෙය විශේෂයෙන් රෝගීන්ට සෙත් පැතීම පිණිස භාවිත කොට [...]

මේ උතුම් ම මොහොත යි

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් [...]

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! 1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! [...]

මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ [...]

සිත පහදවා ගැනීම

එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]

පෘථග්ජනයන්ට අයිති නැති ශ‍්‍රාවක ඤාණය

සංසාර ගමනක පැටලී, එහි භයානකත්වය නොදැක, යළි යළිත් සසර ගමනේම සත්වයා රැුඳී සිටින්නේ පෘථග්ජනභාවය නිසාය. පෘථග්ජන සත්වයාට ආර්ය සත්‍යය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. ජීවිතයේ සැබෑම දැක්ම පිළිබඳ යථාභූත ඤාණයේ අහලකටවත් ඔහු පැමිණ නැත. පෘථග්ජන සත්වයා [...]

ඔබත්, අභිමානවත් ශ‍්‍රාවකයෙක් වන්න…

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ගිහි-පැවිදි වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ශ‍්‍රාවක පිරිස සරණ ගොස් තිබෙන්නේ තිසරණය පමණි. එසේ නැතිව පෘථග්ජන උදවිය අන්ධ භක්තියෙන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණ යාමක් බුද්ධ ශ‍්‍රාවකයන් තුළ නැත. [...]

බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය

ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ [...]

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම [...]

Go to Top