රටටත් ජාතියටත් සෙත සලසන උතුම් සත්‍යක්‍රියාව

සත්පුරුෂ පින්වත්නි, මේ ලක්දිව ස්වභාවයෙන්ම යකුන්ගේ වාසභූමියකි. එසේ මිනිස් වාසයෙන් තොරව තිබූ ලක්දිවට අප භාග්‍යවතුන් වහන්සේ තුන්වරක් ම වැඩම කොට ලක්දිවට අරක්ගෙන සිටි යකුන්ව ගිරි දිවයිනට පිටත් කොට යවන ලද්දේත්, ලක්දිවට ආශීර්වාද කරන ලද්දේත්, ලංකා භූමිය ගෞතම බුද්ධ ශාසනය පිහිටන ඒකාන්ත පුණ්‍යක්ෂේත්‍රය නිසා ය.

කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි.

මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.

PDF පිටපතක් ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.