2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය. තෙවැනි වරට සංවිධානය කෙරුණු මෙම පින්කම ද ඇතුලුව මේ වන විට රුපියල් මිලියන 70 ක පමණ වටිනාකමකින් යුතු රෝහල් ඇඳන් 275 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටි රෝහල් 80 කට පමණ ලබා දීමට හැකි වූ බව අප සතුටින් දන්වා සිටිමු. මෙම පින්කම උදෙසා දායකත්වය දක්වනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් විසිනි. සියල්ලෝ ම මේ ගිලානෝපස්ථාන පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!