පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ මෙම වසරේ (2020) කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් 31 වැනිදා, පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අසපුවේ නේවාසිකව වැඩසිටින සියක් නමක් පමණ වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීමිත ගිහි පිරිසකගේ ද සහභාගීත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන්නට යෙදුනි.

මෙවර වස් ආරාධනාව සහ කඨින චීවර පූජාව සිදුකරනු ලැබුවේ ‌මොරටුවේ පදිංචි පින්වත් අජිත් කුරේ මැතිතුමා විසිනි.

මෙම උතුම් පින්කම සඳහා සහභාගී වුනු පින්වත්  අජිත් කුරේ මැතිතුමා ඇතුළු නෑ හිතමිතුරන් ආදී සැමටත්, නන් අයුරින් උදව් උපකාර කළ, වෙහෙස මහන්සි වූ සියලු පින්වතුන්ටත්,

මෙම පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වන ඔබ සැමටත්, මේ සියලු පුණ්‍යානුභාවයෙන් මෙලොව ජීවිත වාසනාවන්ත වේවා! පරලොව සුගති සැප සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වාසනා වේවා!