2019 නොවැම්බර් 30 දින හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී ගැබිණි මව්වරුන් 200 ක් උදෙසා විශේෂ සදහම් වැඩසටහනක් පවත්වන ලදී. ඊට සමගාමීව සෙත් පිරිත් සජ්ඣායනා, දරුවන් කුස තුළදී ම තෙරුවන් සරණෙහි පිහිටුවීම, බිළිඳු දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහිත කට්ටලයක් පිරිනැමීම, සදහම් ග‍්‍රන්ථ පිරිනැමීම සහ පිරිත් පැන් ලබාදීම ද සිදුකරන ලදී.

එසේම උදෑසන ආහාරය සඳහා කිරිබත් සහ කොළකැඳ පානයක් ද, දහවල ආහාරය සඳහා ධාන්‍ය වර්ග 7 කින් යුතු විශේෂ ආහාරයක් සහ ප‍්‍රණීත එළකිරි කෝප්පයක් පිරිනමන ලදී.

මාතෘභූමියේ අනාගත උරුමකරුවන් දැයට දායාද කරනා, උතුම් මව් පදවිය අභියස සිටින, ගැබිණි මව්වරුන්ගේ සුවපත්භාවය උදෙසා මෙම වැඩසටහන පැවැත්වීමෙන් රැස් කළ සියලු පුණ්‍යධර්මයන් සියලු දෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! ඉපදෙන මැරෙන සසර ගමනින් අත්මිදෙන්නට වාසනාව උදාවෙත්වා!