ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙහිදි එම පාසලට පිළිම වහන්සේ නමක් සහ එම පිළිම වහන්සේ තැන්පත් කරන්නට බුදු කුටියක් සාදා පූජා කරන්නට යෙදුණු අතර පිළිම වහන්සේ සදහා දායකත්වය දැක්වූයේ පින්වත් බලංගොඩ රංජිත් මහත්මා විසිනි.