බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ‍්‍රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන “ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා” පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඉබ්බාගමුව / මීගහ ඇළ විද්‍යාලයෙහි ඉදිකරන ලද පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍යෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2019-11- 24 දින පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන දායකත්වය දරන ලද්දේ ජර්මනියේ පදිංචි පින්වත් ප්‍රියන්ති මහත්මිය විසිනි. ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම සියල්ලෝ ම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!