තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යය සිහිකරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට උපහාර පිණිස නා නා විධ ආමිස සහ ප්‍රතිපත්ති පූජෝපහාර පැවැත්වීමත් දහස් සංඛ්‍යාත සැදැහැතියන්ගේ සිත් තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය කෙරෙහි පහන් සිතිවිලි ඇති කරලීමත් පිණිස මාතර, උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ ද දින 5ක් පුරා විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ.
මෙහිදී විහාරයේ වැඩසිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ විදුලි බුබුළින් අලෝකමත් කොට සෑමලුව මලින් සරසා සිරි ගෞතම බෝධීන් වහන්සේ අවට විදුලි බුබුළින් අලංකාර කිරීමට කටයුතු යොදා ඇති අතර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. එම දින කිහිපය පුරා දහම් වැඩසටහන් සිදුකෙරෙන්නේ පහත පරිදි ය.
1. පාසල් ළමුන් සඳහා
10,11,12,13 වසර දරුවන් වෙනුවෙන් පෙ.ව 8.00 සිට ප.ව 1.30 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වීම. මෙහිදී මාතර දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන කොට්ඨාශ අනුව දින 2ක් වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂිතය.
2. වෛද්‍ය හෙද නිළධාරින්ගේ වැඩසටහන
මාතර ප්‍රදේශයේ වෙසෙන වෛද්‍ය හෙද නිළධාරින් වෙනුවෙන් පෙ.ව 8.00 සිට දහවල් 1.30 දක්වා සීල භාවනා වැඩසටහන පැවැත්වීම.
3. ගැබිණි මව්වරුන්ගේ වැඩසටහන
හක්මණ, මුලටියන, තිහගොඩ, කැකණදුර හා මාතර වෙසෙන ගැබිණි මව්වරුන් 1500කට පමණ සීල භාවනා වැඩසටහනක් පැවැත්වීම. මෙහිදී සියලු මව්වරුන් හට පිරුවානා පොත් වහන්සේලා සහ පිරිත් පැන් ලබා දීම සිදු කෙරේ.
4. යොවුන් දරුවන් වෙනුවෙන්
මාතර ප්‍රදේශයේ වෙසෙන යොවුන් දරුවන් වෙනුවෙන් සීල භාවනා වැඩසටහනක් පැවැත්වීම.
5. වෙසක් පුන් පොහෝ දින පැවැත්වෙන විශේෂ සීල භාවනා වැඩසටහන
වෙසක් පුන් පොහෝ දින උදෑසන 6.00 සිට පසුදා පහන්වන තුරු සීල භාවනා වැඩසටහන පැවැත්වේ.
මාතර මහමෙව්නාව මහාවිහාරයට පැමිණෙන ආකාරය
මාතර සිට හක්මණ පාරේ පැමිණ යටියන හන්දියෙන් හැරී කිලෝමීටර් 3.5 ක් පමණ කැකණදුර පාරේ පැමිණ හිඟුරුපත්තල හන්දියෙන් හැරී කිලෝමීටර් 2.5 ක් පැමිණි පසු මහමෙව්නාව මහාවිහාරයට පැමිණිය හැකිය.
එසේත් නැතිනම් මාතර සිට කැකණදුර හරහා යටියන දක්වා ඇති මාර්ගයේ පැමිණ හිඟුරුපත්තල හන්දියෙන් හැරී කිලෝමීටර් 2.5 ක් පැමිණ මහමෙව්නාව මහාවිහාරයට පැමිණිය හැක.
සියලු විමසීම් –
මහමෙව්නාව මහාවිහාරය – 041 4935291 / 0414927915
සදහම් යාත්‍රා (යොවුන් සංවිධානය) – 071 6410444
saadu..saadu..saaadu!