මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ....

August 17th, 2019|Comments Off on 13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන....

August 12th, 2019|Comments Off on 13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය

අනුරාධපුරයේ දීඝචන්ද්‍ර නැමැති සෙනෙවිතුමන් විසින් කරවන ලද මහාවිහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හෙළඅටුවාවල තිබුණු විස්තර මනාකොට සාරය වශයෙන් ගෙන මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහාවංශයේ මුල්කොටස ය.

August 10th, 2019|Comments Off on මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය

මහාවංශය – තිස්හයවෙනි පරිච්ඡේදය

මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.

August 7th, 2019|4 Comments

මහාවංශය – තිස්පස්වෙනි පරිච්ඡේදය

ඔය ආකාරයෙන් නුවණැති අය අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා. අඥානයා ධනයෙන්, බලයෙන් මුලාවට පත්වෙලා කාමයට ඇදී යනවා. ඒ හේතුවෙන් බොහෝ පව් රැස්කරගන්නවා. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්පස්වෙනි පරිච්ඡේදය යි.

August 6th, 2019|1 Comment

මහාවංශය – තිස්හතරවෙනි පරිච්ඡේදය

ඔය ආකාරයෙන් මහාදාඨිකමහානාග රජ්ජුරුවෝ වගේ යහපත් නුවණක් ඇති අය බොහෝ සම්පත් ලබාගෙන ඒ ඉසුරුවලින් මත්නොවී, ප්‍රමාදයටත් පත්නොවී, අධික කාමපිපාසා දුරුකරගෙන, ජනයා පීඩාවට පත්නොකොට, පින්කම්වල ඇලී වාසය කරමින් විවිධ වූ බොහෝ පින්කම් මනා පහන් සිතින් යුක්තව ම කරන්ට ඕනෑ.

August 4th, 2019|Comments Off on මහාවංශය – තිස්හතරවෙනි පරිච්ඡේදය

042. කපෝතක ජාතකය- kapothaka jaathakaya

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතු.....

August 4th, 2019|1 Comment

මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය

ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.

August 3rd, 2019|Comments Off on මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය

13-01. පොඩිනම ගැන කථා වස්තුව

පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා ....

July 29th, 2019|Comments Off on 13-01. පොඩිනම ගැන කථා වස්තුව

මහාවංශය – තිස්දෙවෙනි පරිච්ඡේදය

අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ යම් කෙනෙක් කුසල් ම යි උතුම් කියලා පින් කරනවා නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන්ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙත් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම යි කරන්ට ඕනෑ.

July 28th, 2019|1 Comment
Go to Top