බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25
“නිදකිං විතරක්!... මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා. “මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හනිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ....
9-8. මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව
“දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව. ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ වගේ ඔබත් මේ කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි. ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි.”
9-7. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව
“හෝ.... එහෙමද? හැබැයි මේකා සෙනඟ මැද්දේ කියාවිද දන්නෙ නැහැ මං මේ විදිහටයි දුන්නේ කියලා....? එහෙම වුණොත් මං මේකාව මරණවා....!” කියලා පසුවදා පිහියකුත් ඉණේ ගසාගෙන දාන ශාලාවට ගියා. අර නුවණැති තරුණයා බොහෝ පිරිස සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. හඬ නගා මෙහෙම කිව්වා."
9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව
“එම්බා භික්ෂුව, මෙවැනි දෑ නොකළ යුතුයි. වරද කුඩා එකක් ය, සුළු එකක් ය කියා ගණන් නොගෙන සිටීමමයි වරද! එළිමහනක උඩුකුරුව කළයක් තිබ්බොත් මොකද වෙන්නේ....? වැස්ස වහිද්දි බිංදුව බිංදුව හරි මේ කළය පිරෙනවා නේද? ඔය විදිහටම සුළු සුළු දේවල් ය කියලා ගණන් නොගෙන සිටීමෙන් පව් රැස්වෙනවා. ඒ පව් රැස්වෙද්දී තමාත් නොදැන පව බරපතල වෙනවා.”
031. කුලාවක ජාතකය
සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා....
9-4,5. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව
“අනේ පින්වත් සිටුතුමනි, සිව්වෙනි දොරටුවෙහි සිටි මෝඩි මමයි... මා දුරදිග නොසිතා කියූ මෝඩ කතාවට මට සමාව දෙනු මැනැව. සක් දෙවිඳුන්ගේ උපදෙස් මත ඔබතුමා ණයට දුන් මුදලුත්, ගඟේ ගසාගෙන ගිය මුදලුත්, හිමිකාරයෙක් නැති මුදලුත් වන පනස් හතර කෝටියක මුදල අන්න මං ගබඩාවේ පිරෙව්වා.... දැන්වත් මට සමාව දෙනු මැනැව. මට ඉන්න තැනක් නැහැ....”
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24
වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවනේ වජිරාසනය මත වාඩිවුනා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුනා....
9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව
“ඈ... ලාජා! තවත් දොඩන්න එනවද? ඔය විදිහට වත් කරන්න ගියොත් රට්ටු මොනවා කියයිද? එතකොට ආර්ය සංඝයා කෙරෙහි කවුරුන් හෝ කළකිරුණොත්, කළකිරී දොස් කිව්වොත් එයින් පව් සිදුවෙනවා නේද? අන් උදවිය කෙරෙහි අනුකම්පාවක් නැද්ද? ඒ නිසා මෙතැන් පටන් මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි! හ්ම්...! දැන් යනවා....”
9-2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව
"ඒ තෙරුන් වහන්සේ සංඝයාට අනුශාසනා කිරීම පිණිස කිසිසේත්ම සුදුසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තෙරුන්ගෙන් අවවාද ගන්නට ගිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමාරුවේ වැටුණා. අදට වුණත් නුසුදුසු කෙනෙකුගෙන් අවවාද ගන්නට ගියොත් අමාරුවේ වැටෙනවා. නරක වැඩක් වුණත් රහසේ කරන්න කියා උපදෙස් ලැබේවි."
030. මුනික ජාතකය
ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....