බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
019. ආයාචිතභත්ත ජාතකය
ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.
7-2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව
හා...! හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා...! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි! පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්.
7-1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව
දේවදත්ත හොරෙන්ම පර්වත මුදුනට නැගගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්ත හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා.
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය – අවසාන දිනය
අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන, ලක්දිවට ගෞතම බුදු සසුන දායාද කළ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ වැනි වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය නමින් මනරම් විහාරයක් ඉදිකෙරුණා. එම විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන උදෙසා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 13 වනදා සිට ඔක්තෝබර් 16 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහොය දින දක්වා ගෞරවනීය මහා සංඝ රත්නයේ ද දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ද සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා.
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය – පළමු දිනය
අපගේ පරම පූජනීය කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන සඳහා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (2018-10-13) දිනයේදී පැවැත්වුනා.
6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව
වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.
සිරිලක එකළු කළ අසිරිමත් පහන් ටැඹ
ඔබ මේ ගැන සිතුවෙහි ද? යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් ගැන නොදන්නෙහි නම්, උතුම් බුදුවදනක් අසාත් නැතිනම්, සඟරුවනක් දැකීම තබා සිවුරක්වත් දැක නැත්නම්, මහාසෑයක්, බෝධීන් වහන්සේ නමක් දැක නැත්නම්, කුසල් - අකුසල්, පින් - පව් කියා දෙයක් අසා නොමැති නම්, කොටින් ම කිසි බණපදයක් නොඅසා ඇත්නම් මේ වන විට ඔබ කෙබඳු කෙනෙක් ද? කියා මොහොතක් සිතන්න. එසේ වූයේ නම් මේ සිතෙහි ඇති රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් සමග පමණක් එක් වූ තිසරණ රහිත ජීවිතය තිරිසන් සමාන ය.
භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිටිමු
ඒ නිසා පින්වත් මහණෙනි, ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වා ගත් දොරටුවලින් යුක්තව ඉන්න. ඇසින් රූප දැක කෙලෙස් ඇතිවෙන නිමිති නොගෙන ඉන්න. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එසේ නොවීම පිණිස එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස නමැති ඉන්ද්‍රිය රැකගන්න. ඇස නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.
6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව
"ඒ සැවැත් නුවර හිටපු අය බණ අහන්න ගියේ කොතරම් ආසාවෙන්ද? නමුත් තමුන්වත් දන්නෙ නෑ තමුන් එතනින් විසි වෙලා ගිය හැටි. අන්න ඒකට තමයි පින්වල වෙනස කියලා කියන්නේ. ඔවුන්ට පින් මදිව තිබුණා. පින තිබුණු අයට පුළුවන් වුණා හිතේ අවුලට වෙනස් නොවී ඉන්න. පින මදි කෙනා සිතේ අවුලට යට වුණා. මේ නිසා තමයි මේ වෙනස්කම ඇතිවුණේ. මාර සෙනඟට වුනත් ඒ පිරිසව ආයෙමත් සසරට ඇදලා දාන්න පුළුවන් වුනේ ඒ නිසයි."
6-9. ධම්මික තෙරුන්ගේ කථා වස්තුව
“ භික්ෂූන් වහන්සේලා මේ වාසනාවන්ත පවුල ගැන කතා බස් වුණා. ඇවැත්නි, ධම්මික උපාසක හරිම පින්වතෙක්. ඔහුටත් කරදරයක් නැතුව මහණ වෙන්න පුළුවන් වුණා. ඒ මහණකමත් සාර්ථකයි. පුතාත් මහණ කරගන්න පුළුවන් වුනා. පුතාගේ පැවිද්දත් සාර්ථකයි. බිරිඳත් මහණ වුණා. ඇයගේ පැවිද්දත් සාර්ථකයි. මුළු පවුලම නිවන් දැක්කා නෙව. මේක පුදුම වාසනාවක්නේ....”