බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
මහාවංශය යනු සත්‍ය අතීත කථාවකි
මෙසේ දේවානම්පිය යනු මිථ්‍යා නමක් බවට එවකට ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරයන් කියා සිටිද්දී බොහෝ යුරෝපීය පඬිවරුන්ට ද මෙකරුණ සොයාගත නොහැකිව සිටිද්දී මෙම ගැටලුව විසඳාගන්නට හැකි වූයේ දීපවංශයට හා මහාවංශයට පින් සිදු වන්නට ය. එනිසා එකල සිටි මධ්‍යස්ථ උගත් පඬිවරු ලංකාවේ වංශකථාවලට මහත් සේ ගෞරව කරන්නට වූහ.
උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් (ඡායාරූප)
2018 අගෝස්තු මස අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටින සිසු දරුදැරියන් හට මානසික සමබරතාවයෙන් යුතුව විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2018-07-28 වන දින මාතර සමූපකාර ශාලාවේ දී පැවැත්විණි. විභාග අපේක්ෂක දරුවන්ට ඉතා වටිනා ඔවදන් රැසක් ලබාදුන් මෙම සාකච්ඡාව පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සහ මානව හැකියා සංවර්ධන විශේෂඥ / පුහුණුකරු සනත් ගමගේ මහතා එක්ව පවත්වන ලදී. එදින ම සවස මාතර ඓතිහාසික බෝ සමිඳුන් අභියසදී විභාගයට පෙනී සිටින දරු දැරියන් හට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් ද පැවැත්විණි.
මහා අරහන්ත වන්දනාව – පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත් එක්ව සංවිධානය කරන සූවිසි දහසක් මහරහතුන් වන්දනාව අගෝස්තු 18 සවස 4.00 සිට රැය පහන් වනතුරු පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී පැවැත්වේ. මෙම වන්දනාවට පහන් අසූ හාර දහසක මහා ආලෝක පූජාවත්, පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාවත්, ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ සුවඳ මල් ලක්ෂයක මහා පුෂ්ප පූජාවත් සමඟින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි. මේ මෙම අසිරිමත් වන්දනාවට සහභාගී වී අනුස්මරණීය පින් රැස්කරගැනීමට පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (4 කොටස)
ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ.
තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)
තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය පසුගිය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණු අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබිණි.
අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණය (ඡායාරූප)
දෙස් විදෙස් සැදැහැවතුන් බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ඇතිව දඹදෙණිය, මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිකරන ලද අංග සම්පූර්ණ කුටි 26 කින් සමන්විත නව දෙමහල් කුටි සංකීර්ණය පසුගිය 2018 ජුනි මස 25 වන දින පූජා කරන්නට යෙදුනා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම කුටි සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ 2017 වර්ෂයේ අගෝස්තු 11 වන දිනයි. මෙම නව කුටි 26 ට අමතරව ගිලන් කුටියක් සහ පුස්තකාලයක් ද දෙපසින් තනවා ඇත. කුටි 27 කින් සමන්විත පැරණි කුටි පද්ධතියට ම සම්බන්ධ කොට මෙම කුටි සංකීර්ණය ඉදිකොට ඇති අතර එම පැරණි කුටි ද අලුත්වැඩියා කොට නව පෙනුමක් ලබාදී ඇත. අතීතයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ සිටි භික්ෂුණී සංඝයා සිහිගන්වන, බුදුසසුනෙහි අනගාරිකව සසුන් පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ පහසු විහරණය උදෙසා කරන ලද මෙම සෙනසුන් පූජාව සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාට කරදර බාධක හිරිහැරවලින් තොරව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ ගෞතම බුදු සසුනේදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා! සියල්ලෝ ම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම
තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහසඟ රුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වේ. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි - සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනිමනු ලැබේ. විශේෂයෙන්ම මෙම විහාර මන්දිරයේ පිළිම වහන්සේලා සඳහා මුදලින් දායකත්වය දැරූ සියලු දෙනාටත් එමෙන්ම මෙම විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාටත් මෙම පින්කම දැකබලා අනුමෝදන් වනු කැමති සියලු දෙනාටත් මෙම උතුම් අවස්ථාවට සපැමිණෙන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
ලක් මුනි වරුණ – ධර්ම දේශනා මාලාව
පසුගිය පොසොන් පුන් පොහෝ දිනය පුරා (2018--06-27) හොරණ මහමෙව්නාව භාවනා අසපුවෙහි ලක් මුනි වරුණ නමින් විශේෂ ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට යෙදුනා. එම ධර්ම දේශනා සියල්ලේ ම විස්තර වූයේ අපගේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අතීතයේ වැඩසිටි උතුම් රහතන් වහන්සේලා පිළිබඳ තොරතුරු යි. එමෙන්ම එදින සවස අරහත් මුනිවරුන්ගේ ගුණ සිහිකරමින් අරහන්තක වන්දනාවකුත් රාත්‍රියේ පාලියෙන් සහ සිංහලෙන් මහාසමය සූත්‍ර දේශනාව සජ්ඣායනා කිරීම ද සිදුකෙරුනා.
නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම – කළුබෝවිටියන මහා විද්‍යාලය
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය, මැලේසියාවේ ථේරවාද බෞද්ධ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව පසුගිය වසරේ මැයි මස දී නායයෑමෙන් දැඩි ලෙස අලාභ හානි වූ මාතර, කළුබෝවිටියන මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කරන ලදී. කළුබෝවිටියන මහා විද්‍යාලයේ නැවත ඉදි කරනු ලැබූ දිගින් අඩි 80 ක් සහ පලළින් අඩි 25ක් වූ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 13 වැනිදා පැවැත්විණි. කළුබෝවිටියන මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන්, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය සහ මැලේසියාවේ ථේරවාදී බෞද්ධ මණ්ඩලය විසින් අරමුදල් සපයනු ලැබිනි. මෙම සත්ක්‍රියාව ඩයලොග් ආසිආටා සමාගමේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදී ඇත.
හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ නව කුටි සෙනසුන් සඳහා මුල්ගල් තැබීමේ පින්කම
2018 මැයි 27 වන දිනට අසපුව පූජා කර වසර 11 ක් සැපිරීම නිමිති කරගෙන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය මත හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ හුදෙකලා භාවනා කුටි සෙනසුන් සදහා ද කුටි සංකීර්ණය තුළ නව භාවනා කුටි සෙනසුන් සදහා ද මුල්ගල් තබන්නට යෙදුනා. හොරණ නගරාධිපති තැන්පත් ඩබ්ලිව්. සිරිසෝම මහතා, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නයන ප්‍රියන්ජිත් වැලිකල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා සහ අසපු භුමිය බුදු සසුනට පූජා කළ ඩී.කේ. සුබසිංහ මහතා, ජීවක සුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ මෙම පින්කම සිදුවිය... පින් කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා...!