බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය
භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය ඔක්තෝබර් 28 දින මාතර වැලිගම නගර ශාලාවේ දී පවත්වන්නට යෙදිණි.
බුද්ධගයා බුදුනුවණ අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය
දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය තුන්වන වරටත් පසුගිය ඔක්තෝබර් 14, 15 යන දෙදින තුළ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.
මහිංයගණය අසපුවේ බෝධි රෝපණය
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර මස 28 වන දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 28 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මහියංගණයේ ශ්‍රී මහා සුමන මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම බෝධීන් වහන්සේෙ රෝපණය කිරීම සිදු විය.
සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ.....
සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු
ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද?’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.
පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් [...]
දිවුලපිටිය මහමෙව්නාව භාවනා අසපුවේ මහා පුණ්‍ය මංගල්‍යය 2017-09-02
ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!
රජරටට ශ්‍රද්ධා
අනුරාධපුර, පොළොන්නරුව, ගල්නෑව, මාතලේ, දඹුල්ල, කන්තලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත ආදී නගර ගණනාවක් ද සම්පූර්ණ උතුරුමැද පළාත සහ වයඹ, නැගෙනහිර, මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශ ද ආවරණය වන පරිදි ශ‍්‍රද්ධා රූපවාහිනියත් ගුවන්විදුලියත් ව්‍යාප්ත කරනු පිණිස ශ‍්‍රද්ධා විකාශන මධ්‍යස්ථානය ඉදිකිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය. රජරට ප‍්‍රදේශයේ විකාශන මධ්‍යස්ථානය තනවනු පිණිස ඒ සඳහා වැයවන මුදලින් කොටසක හෝ දායකත්වයක් දරා උදාර වූ ධර්මදානමය පින් රැස්කර ගැනීමට සුපින්වත් ඔබට අවස්ථාව උදාවී ඇත.
මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන
වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ සංකීර්ණ සමාජයක කාර්යබහුල ජීවිතයක්. සතියක නිවාඩුවක් ලබාගෙන විවේකී පරිසරයක ධර්මය ඉගෙන ගනිමින් භාවනා කිරීමට ඔබත් කැමති ද? මේ වන තෙක් සති භාවනා වැඩසටහන පැවැත්වුනේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පමණයි. [...]