බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
සැමට සැප පිණිස පවතින්නේ පිනමයි…
මේ ලෝකයේ අසාර්ථක දේවල් අතර බොහෝ දෙනෙකුගේ ජීවිතවල අසාර්ථක දෙයක් තමයි, විවාහය. විවාහ ජීවිතය ගොඩක් දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මොකක්ද? දැන් අපි ගත්තොත් සමහර විට දුවෙකුයි පුතෙකුයි ආදරය කරමින් අවුරුදු ගාණක් ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා බඳිනවා. බැඳලා සුමානයි, දෙකයි. රණ්ඩු පටන්ගන්නවා. ඊට පස්සේ ඉතින් වද විඳ විඳ, පීඩා විඳ විඳ, අසහනයෙන් ඉන්නේ. දැන් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න නිසා විඳව විඳවා කරගහගෙන යන්න ඕන.
මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක වුණොත්…?
මෙන්න මේකෙදී පින හඳුනාගැනීමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම ගොඩාක් උපකාරී වෙනවා. ඔබට මතකද මං මුලින්ම කිව්ව දෙය? අපි කී වතාවක් මිනිස් ලෝකයට ඇවිල්ලා ඇද්ද? ආපු හැම මිනිස් ආත්මයකම ඒ ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒක දන්නේ නෑ. මේ මනුස්ස ජීවිතයත් අප හිතෙන ප‍්‍රමාණයට සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි, මේක අපට ලැබෙන එකම මනුස්ස ජීවිතයත් නොවෙයි. තවත් ඉස්සරහට ඕනතරම් මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්.
සැපයට පසුබිම පිනයි…
ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් කරුණු කීපයක් කියලා දෙන්න. අපි මේ මනුස්ස ලෝකයට කී වතාවක් එන්න ඇද්ද කියලා අපි දන්නේ නැහැ. අපි තිරිසන් ලෝකයේ කී වතාවක් උපදින්න ඇද්ද කියලත් අපි [...]
Let us stand up by self-effort
Most people in the world don’t have a correct idea about their skills. In fact, it is not apparent for them of their skills that are helpful in realizing life. Therefore, most people content just [...]
The Qualities of the Dhamma
“Dear Prince, let there be a night and day. If there is a Bhikkhu who has the association with a world leading Thathāgatha Buddha and is with five items (Pancha Padhāneeya: five factors for exertion) that lead one to exert on realizing path-and-fruition, that Bhikkhu will be advised in an evening. He will reach a special attainment by the next morning. When he gets an advice in the morning, he will reach a special attainment in the evening.”
ආර්යකාන්ත සීලය (v)
තථාගත ශ‍්‍රාවකයා මෙලොව පරලොව අයහපත පිණිස පවතින, බය වෛර හටගන්නා වූ මේ කරුණු අවබෝධ කරගෙන ඒවායින් බැහැර වෙනවා. ශ‍්‍රාවකයා බය වෛර හටගන්නා වූ කරුණු වලින් අවබෝධයෙන්ම බැහැර වෙලා පංච සීලයෙහි වාසය කරනවා. එයා පංච සීලය ආරක්ෂා කරන්නේ නිවන් මගේ මාර්ග අංගයක් හැටියට.
ආර්යකාන්ත සීලය (iv)
කේලමෙන් කරන්නේ, මෙතැනින් අහගෙන ගිහිල්ලා එතැන කියනවා. එහෙම කිව්වහම පිරිස බිඳෙනවා. ඊළඟට එතැනින් අහගෙන ඇවිල්ලා මෙතැන කියනවා. කිව්වාම මෙතැන බිඳෙනවා. මේකට කියන්නේ කේලම් කීම කියලා. කේලාම් කීම තුළ, සම්පූර්ණ සමගිය නැතුව යනවා. මේකේ කේලමේ ස්වභාවය තියෙනවා. කේලමේ ස්වභාවය තමයි, (සමග්ගානං වා භෙත්තා) සමගි වූ අය බිඳිලා යනවා. (භින්නානං වා අනුප්පදාතා) බිදුණු අය තවත් බිඳෙනවා. (වග්ගාරාමෝ) එයා ඒක කරන්නේ බිඳවන්න කැමැත්තෙන්. (වග්ගරතෝ) පිරිසව කඩාකප්පල් කරන්න කැමැත්තෙන්. (වග්ගනන්දී) පිරිසව කඩාකප්පල් කිරීමේ සතුටුවෙලා. (වග්ගකරණීං වාචං භාසිතා හෝති) ඒ පිරිසව විනාශ කරන්න තමයි ඒක කරන්නේ.
ආර්යකාන්ත සීලය (iii)
වැරදි කාම සේවනයෙන් වැළකීම නිසා ඒ හේතුවෙන් හටගන්නා වූ බය වෛර ප‍්‍රහාණය වෙනවා. වැරදි කාම සේවනයෙන් හටගන්නා වූ යම්තාක් අකුසල් ඇද්ද ඒ අකුසල් ප‍්‍රහාණය වෙනවා. කුසල් වැඩෙනවා. අපි බටහිර සමාජය ගනිමු. බටහිර කියන්නේ වැරදි කාම සේවනය තදින්ම තියෙන සමාජයක්නේ. වැරදි කාම සේවනයත් තියෙනවා, විකෘති කාම සේවනයත් තියෙනවා. කොයිතරම් බරපතල විදිහට මිනිසුන්ගේ මනස විකෘති වෙලාද? මේවා කොහෙන් ඉවර වෙයිද? ඒ අය බොහෝ විට උපදින්නේ එක්කෝ නිරයේ, එහෙම නැත්නම් ඉතින් තිරිසන් ලෝකයේ.
ආර්යකාන්ත සීලය (ii)
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සොරකමත් බය වෛර හටගන්නා කාරණාවක්. බලන්න, අප අතරේ සොරකම් කිරීම කියන එක නැත්නම් අපට ‘අපේ දේවල් නැතිවෙයිද?’ කියලා බයක් හටගන්නේ නෑනේ. කවුරු හරි අපේ දෙයක් සොරකම් කළොත්, ඒ සොරකම් කරපු කෙනා කෙරෙහි අපට බයක්, වෛරයක් හටගන්නවානේ. එහෙම නම් මේ සොරකම බය වෛරය හටගන්න හේතුවක්. ඊට පස්සේ ඒ සොරකම නිසා හැමතිස්සේම එකිනෙකා කෙරෙහි බලන්නේ සැකයෙන්.
ආර්යකාන්ත සීලය …
පංච සීලයේ පළවෙනි සිල්පදය, ‘(පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි) සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.’ සතුන් මැරීම ගැන බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්, වැරදි දෙයක්, නොමනා දෙයක්, බාලයෙකුගේ ක‍්‍රියාවක්, අසත්පුරුෂයෙකුගේ ක‍්‍රියාවක්. එතකොට යම්කිසි කෙනෙක් පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්, එයා තුළ අකුසල් වැඩෙනවා.