බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
ලොව උතුම් දානය – ධර්ම දානය.
භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ, ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි, [...]
දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා
ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප [...]
ඔබ සැබැවින් ම ධනාත්මක ද?
පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි. මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ [...]
බුදුදහමේ කවිය සහ රසාශ්වාදය
ඒ අතර ම බුදු දහම රස වින්දනය ප්‍රතික්ෂේප, කරන්නේ යැයි ද මතයක් පවතී. එසේ නම් ගීතය , කවිය ආදි කලාංග බෞද්ධ දර්ශනය තුළ ප්‍රතික්ෂේපිත ද, හරවත් කලා රසවින්දනයක් උදෙසා කිසියම් ම හෝ මඟපෙන්වීමක් බුදු දහමින් ලබාගත නොහැකි ද යන ගැටලු ධාර්මිකව විසඳා ගැනීමේ අරමුණ ඇතිව...
ලොව බිහිසුණු ම ත්‍රස්තවාදයෙන් අපි නිදහස් වුණෙමු.
මිනිස් ඉතිහාසය යුද්ධ වලින් පිරී ගිය එකකි. මෙයට මෑතකදී එක් වූ භයානකම දෙය ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයත්, යුද්ධයත් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. යුද්ධයට සදාචාරය යා කළ නොහැකි මුත් යුද්ධ කරන පාර්ශවයන් අතර බොහෝ විට එකඟතාවයන් ඇතිවේ. යුද්ධයට [...]
සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.
අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි.
ඔබ ස්වාධීන වීමට කැමති ද?
වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.
ඔබ භාවනාවට බිය ද?
භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම. අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන්...
මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..
පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස් යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක් වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...
සසර පින පතළ කළ අසම සම රූ මහිම.
බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.









