දැයේ දූ දරුවන්ට ධාර්මික පරිසරයක් තුළ අධ්‍යාපනය ලබාදීම පිණිස 2018 පෙබරවාරි 28 වනදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය ආරම්භ කරන ලදී.

2020 පෙබරවාරි 28 වන දිනට මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම දිනය අර්ථවත්ව ගත කිරීම පිණිස එම විදුහලේ සිසු දරුවන් සමග අනුශාසක ස්වාමීන් වහන්සේලා, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව එකී රෝහල් පරිශ්‍රය පිරිසිදු කොට, තීන්ත ආලේප කොට, අබලන්ව පැවති රෝහලේ ට්‍රොලි සඳහා රෝද දමා පිළිසකර කොට, හයසියයකට ආසන්න පිරිසක් සඳහා සුප් දානයක් ද පූජා කරන ලදී. සිසු දරුවන් විසින් සූදානම් කරන ලද අටදහසකට ආසන්න බෙහෙත් කවර ප්‍රමාණයක්, රෝහලට අවශ්‍ය කරන ඉනිමගක්, විදුලි පංකා, DVD යන්ත්‍රයක්, බුද්ධපූජාව පූජා කිරීමට භාජන කට්ටලයක් ආදී බොහෝ දේවල් ද රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මේ අයුරින් මහමෙව්නාව බොදු විදුහලේ සිසු දරුවන් විසින් රැස්කළා වූ සියලු පින් ඔබ සැම ද සතුටින් අනුමෝදන් වෙත්වා !