අපගේ පරම පූජනීය කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන සඳහා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (2018-10-13) දිනයේදී පැවැත්වුනා.
මෙම අසිරිමත් මහා පින්කම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ද අනගාරිකා මෑණියන් වහන්සේලා ද දස දහස් සංඛ්‍යාත සැදැහැවත් පිරිසක් ද සහභාගී වුනා.
මෙම පින්කම ඔක්තෝබර් 16 වෙනි දිනට යෙදෙන ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය දක්වා සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
ආශ්රිත සබැඳි:-
ශ්‍රී මිහිඳු පුර අටවක දිනය සහ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය >>
සිරිලක එකළු කළ අසිරිමත් පහන් ටැඹ >>
Sadu Sadu Sadu…….
Kalyaana Mithrayaanan Wahansege Paada Namas Kaara Karami… Namas Kaara Wewaa…
පිළිරැවකින් හෝ අනුබුදු හිමියන් දැක ගැනීමට ලැබීම මහත්වූ භාග්‍යයක් සේ දැනෙයි.උත්තම වූ මුණිදුනේ අප කෙරෙහි මහත්වූ අනුකම්පාවෙන් ඔබ වහන්සේ ලක් දෙරණට නොවඩින්නට අපට මේ උතුම් ධර්මය නොලැබෙන්නේය.අප අනේක වාරයක් ඔබ වහන්සේට ණය ගැතිය. බුදුහිමියන් දෙසු නිවනත් සුගතියත් ඔබ වහන්සේ අපට දේශනා කල සේක.අද අප හැකි පමණින් දහමේ පිහිට පිළිසරණ ලබා ගන්නෙමු.උත්තම වූ අරහත් මිහිදු මුනිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!