පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 17 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.

මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 16 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.