අම්බලන්ගොඩ, අළුත්වල, ලංකාපුර වෙද මැදුරෙහි වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති IMMUNITY ENHANCE DRUG – ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් උපාසක උපාසිකා දරුවන්ටත් වසංගත නිවාරණය උදෙසා පූජා කරන ලදී.

මෙපින් බලයෙන් එතුමියටත්, ඒ පවුලේ සියලු දෙනාටත්, ඖෂධය නිපදවීම උදෙසා ඇප කැප වෙන සියලු දෙනාටත් නිදුක් නීරෝග සුවපත් භාවය, සියලු යහපත සැලසේවා! බොහෝ දෙනා සුවපත් කිරීමේ වාසනාව ඇයට උදා වේවා!